සවුදි අරාබි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය ලුජෛන් හට සිර දඩුවම්

සවුදි අරාබි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය ලුජෛන්

සවුදි අරාබි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය ලුජෛන්

සවුදි අරාබි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය ලුජෛන් අල් හද්ලූක් හට අවුරුදු 5 කුත් මාස 8 ක සිර දඩුවමක් එරට අධිකරණය විසින් නියම කර ඇත. සවුදි අරාබි කාන්තාවන්ට වාහන පැදවීමේ අයිතිය ඇතුළු කාන්තා අයිතීන් බොහෝමයක් සම්බන්ධව හඬක් නගමින් ක්‍රියා කළ ලුජෛන් හට එරට ආරක්ෂක අංශයේ නිලධාරීන් ලිංගික හිංසා ඇතුළු බලහත්කාරකම් සිදු කළ බව මානව හිමිකම් නියෝජිතයන් සහ ඇයගේ පවුලේ අය චෝදනා කර ඇත.

පසුගිය 2018 වර්ෂයේ ලුජෛන් අල් හල්දූක් ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතියට පටහැනිව නොයෙකුත් දේවල් සිදු කළ බවට චෝදනා කරමින් එරට ආරක්ෂක අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා ය. මේ පිළිබඳ නඩු විභාගය රියාද්හි අපරාධ සම්බන්ධ අධිකරණයේ සිදු විය. පසුව මෙම නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයට මාරු කරනු ලැබීය. ඒ අනුව ඇයට එහිදී අවුරුදු 5 කුත් මාස 8 ක සිර දඩුවමක් නියම විය.

මානව අයිතිවාසිකම් කඩ කිරීම්, සවුදි අරාබියේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව සිටීම වැනි අපරාධ සිදුකිරීම නිසා මෙම දඩුවම නියම වූ බව එරට පුවත්පත් වාර්තා කර ඇත. ඇයට මෙලෙස නියම කළ දඩුවම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව විවිධ පාර්ශවයන් කරුණූ දක්වති.

මෙම නඩු තීන්දුව ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බෛඩන් කණස්සල්ලට පත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙය එරට කුමරු මුහම්මද් බින් සල්මාන් සමග ඔහුට ඇති සබඳතාවලට තර්ජනයක්ව පැවතිය හැකි බව පැවසේ. මෙම දඩුුවම පිළිබඳ තම ස්ථාවරය ඇමරිකානු විදේශ සබඳතා අං‍ශ මාධ්‍ය සම්බන්ධීකාරක කාලේ බ්‍රවුන් තම ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත්තේ ඇමරිකාව කණස්සල්ලට පත් වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *