වේළු පප්පානි : ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව සමුගනී

වේළු පප්පානි : ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී

වේළු පප්පානි : ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී

ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව වේළු පප්පානි (29) සවස කළුතර නාගොඩ රෝහලේ දී මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

1903 මැයි මස 03 වැනි දින උපත ලබා සිටි ඇය මියයන විට වයස අවුරුදු 117 මාස 07 දින 26ක් වයස වූවාය. ඇය කළුතර නෑබඩ ක්ලොල්ඩන් වත්තේ, හෙදරලිය කොටසේ ජීවත්වූවාය. මිය යන විටව දොඩම්ගොඩ නෑහින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ පියා දෙමළ ජාතිකයකු වන අතර මව සිංහල ජාතික කාන්තාවකි.

දෙමළ හා සිංහල භාෂා දෙකම හොඳින් කතා කළ හැකි පප්පානිට දුවෙක් සහ පුතෙක් සිටිය ද ඔවුන් කෙහේ සිටී දැයි ඇය දන්නේ නැත.

ඇය බලා කියා ගත්තේ මාලා ලෙච්චමී (68) සහ තංගයියා නම් යුවළයි.

ඇය ගැන අප කලින් කල වාර්තාව:

(Video) 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව : වේලු පාප්පාති

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *