ආණ්ඩු පක්ෂය විසින් නිදහස් පක්ෂ සාමාජිකයන් කොන්කිරීම හිතට වේදනාකාරි – දයාසිරි

දයාසිරිට තහනම් නියෝගයක්

දයාසිරිට තහනම් නියෝගයක්

ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය ඉවත් වීමට යන කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. එවැනි තීරණයක් මේ වන තෙක් අරගෙන නැහැ. නමුත් ඇතැම් සංවර්ධන වැඩවලදී ද බිම් මට්ටමේ නිදහස් පක්ෂ සාමාජිකයින් ප්‍රතික්ෂේප වීම කණස්සල්ලට පත් කරන බව නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පුවත් පතකට අදහස් දක්වමින් පවසා ඇත.

ආණ්ඩුවේම ඉදගෙන එයට විරුද්ධව ඇතැම් අය කුමන්ත්‍රණ කරන බවත් 2015 දී ජාතික ආණ්ඩුවත් එක්ක එකතුවෙලා මේ රජයට විරුද්ධව ක්‍රියා කළ බවත් ඒවා අමතක කරන්න බැරි දේවල් බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධව විමසූ විට දයාසිරි ජයසේකර මෙසේ පවසා ඇත.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

අපි එක්කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා දොස් කියන විට ඇඟිලි හතරක් දොස් කියන අය වෙතට හැරිලයි තියෙන්නේ. නිදහස් පක්ෂයට දොස් කියන අයටත් එහෙමමයි. බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ග්‍රාම නිලධාරී මට්ටමින් සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. මෙලෙස සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලදී නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවස්ථා නොලැබෙන බව බොහෝ දෙනෙක් අපත් සමග කියලා තියෙනවා.

පසුගිය මැතිවරණ දෙකම ආණ්ඩුව ජයගන්න පක්ෂය කැපවෙලා වැඩකරා. නමුත් දැන් බිම් මට්ටමේ නිදහස් පක්ෂ සාමාජිකයින් මේ විධියට කොන් කිරීම හොඳ නෑ. මේ සම්බන්ධව කිහිපවිටක්ම අපි අවධානය යොමු කරා. අදාල අයටත් අපි කියලයි තියෙන්නේ. එනිසා මේ වගේ අසාධාරණ අසත්‍ය දෝෂාරෝපණ නඟනවා. නමුත් අපි එහෙම හැසිරෙන්නෙ නෑ. රටේ සංවර්ධනය වෙනුවෙනුත් මහජනතාව වෙනුවෙනුත් දිගටම ආණ්ඩුවට සහය දක්වනවා.
-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *