(Video) හාමුදුරුවරුන්ගෙ උද්ඝෝෂණය, ජාතිවාදය වපුරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කල වැඩක් – මුජිබර් රහුමාන්

හාමුදුරුවරුන්ගෙ උද්ඝෝෂණය, ජාතිවාදය වපුරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කල වැඩක් - මුජිබර් රහුමාන්

හාමුදුරුවරුන්ගෙ උද්ඝෝෂණය, ජාතිවාදය වපුරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කල වැඩක් - මුජිබර් රහුමාන්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය, ආණ්ඩුව විසින්ම සැළසුම් කළ උද්ඝෝෂණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එම උද්ඝෝෂණයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනා ආණ්ඩුවට සහාය දක්වන, ආණ්ඩුවට හිතවත් පිරිසක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ලොවපුරා රටවල් 200 කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මෙන්ම භූමදානයද අනුමත කර ඇති බවත්, දේශීය හා ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන් රැසක්, කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව පෙන්වා දී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ එවැනි තහවුරු කිරීම් සිදුකර තිබියදී පවා ආණ්ඩුව ජනතාවගේ ආගමික විශ්වාසවලට ඉඩ ලබා නොදී අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි.

ජාතිවාදය වපුරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා තවදුරටත් ජාතිවාදය වපුරමින් සිටින බවත්, ඒ සඳහා ආණ්ඩුවට හිතවාදී කණ්ඩායම් සැළසුම් සහගතව පාරට බස්සවා ඇති බවත් ඔහු පවසනවා. පැවති උද්ඝෝෂණය එම සැළසුමේම ‍එක් කොටසක් බවද ඔහු පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *