කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් දිනක් තුළ ආසාදිතයින් 84 දෙනෙකු හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් සමඟ මුළු ආසාදිතයින් ගණන 702 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම 4494 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
24 වන දින පැය 24ක් තුළ 84 දෙනෙකු ආසාදිතයින් බව හඳුනාගෙන ඇත. දෙහිඕවිට පමණක් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ දක්වා නිරෝධායනයට ලක් කර ඇති සංඛ්‍යාව 18,017ක් වුවත් වර්තමානයේ 4494ක් නිරෝධායනයට ලක් කර ඉතිරි සියළු දෙනා නිරෝධායනයෙන් ඉවත් කර ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා මරණ 3ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කර ඇත.
මෙයින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් දෙහිඕවිට ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත.
Recent Comments