නව පොකුරු බිහි වීමේ අවධානමක්! – අසේල ගුණරත්න අනතුරු අඟවයි…

කෑගල්ලේ ධම්මික කපු මහතා, නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දෙයි : කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

කෑගල්ලේ ධම්මික කපු මහතා, නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දෙයි : කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

නීති රීති උල්ලංඝනය කිරීම නිසා කෑගල්ල ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාරට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් අසේල ගුණරත්න මහතා පැවසීය.

ඖෂධ ලබා ගැනීම සඳහා විශාල ජන පිරිසක් වෙද මහතාගේ නිවස ඉදිරිපිට දැකීමට ලැබුණු මේ දෙවනි අවස්ථාව යනුවෙන්ද, , මේ හේතුවෙන් නව කොරෝනා පොකුරක් බිහි වීමේ අවධානමක් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති ඔහු,

“කෑගල්ල වෙද මහතා සහ පොදු ජනතාව සෞඛ්‍ය නිර්දේශයන් අනුගමනය නොකළ බව ප්‍රසිද්ධියේ දක්නට ලැබිණි. එම ප්‍රදේශයේ පොලීසිය රාජකාරියේ යොදවා සිටියද ඔවුන්ට පොදු ජනතාව පාලනය කිරීමට නොහැකි විය.

අදාළ ඖෂධය ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇති බැවින් එය බෙදා හැරීම වැළැක්විය නොහැක. කෙසේ වෙතත්, රටට අනතුරක් විය හැකි මෙවැනි ක්‍රියාකාරකම් දිරිමත් නොකළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, ඖෂධ බෙදා හැරීම සඳහා විශාල ජන පිරිසක් එකම ස්ථානයක දක්නට ලැබුණහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බව කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනතුරු අඟවා ඇත.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *