අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනපතිට හැකිවූවා – බෞද්ධ උපදේශක සභාව

අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනපතිට හැකිවූවා - බෞද්ධ උපදේශක සභාව

අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනපතිට හැකිවූවා - බෞද්ධ උපදේශක සභාව

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්වූ බව බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශකර තිබේ.

රටේ අතිවිශාල ජනතාවකගේ බලාපොරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයක් බව එම උපදේශක සභාව කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනතාව අපේක්ෂා නොකළ අතර එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපතිවරයා බලාපොරොත්තු නොවූ බව මහ සංඝරත්නය ප්‍රකාශකර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති 07 වන බෞද්ධ උපදේශක සභාවේ දී මෙම කරුණු ප්‍රකාශ වී ඇත.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙළක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන්මග වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකිවීම පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල්තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගතවූ කාලය තුළ ජනතාව ලැබූ තවත් ජයග්‍රහණයක් බව පෙන්වා දෙන සංඝරත්නය මෙය තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා සියලු ආගමික නායකයන්ගේ සැදුම්ලත් කමිටුවක අවශ්‍යතාවය ද පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *