කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දිය යුතුයි – අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ජනපතිට කියයි

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ජනපතිට කියයි

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ජනපතිට කියයි

කොවිඩ් – 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කිරිම අනිවාර්ය අවශ්‍යතාවය නැවත සමාලෝචනය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ වෛරස් විද්‍යා විශේෂඥයින්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් සහ වෙනත් අදාළ පුද්ගලයින්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සහා සංඝ සභාවේ ‘අන්තර ආගමික සබඳතා කමිටුව’ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අදාළ කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ, කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමිදානය කිරිමට යම් කොන්දේසි වලට යටත්ව ඉඩ දිය යුතු බවයි. මෙම කොන්දේසි එක් අතකින් ජනතාවගේ සෞඛ්‍ය සහ අනෙක් අතට මුස්ලිම්,කතෝලික සහ අනෙකුත් ආගමික ප්‍රජාවන්ගේ ආගමික වත් පිළිවෙත් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වන ලෙසත් සකස් කළ යුතු බවත් එම කමිටුව විසින් සඳහන් කරයි.

එහිදී, කොවිඩ් – 19 මළ සිරුරු භූමිදානයේ දී ඇතුළත් කළ හැකි කොන්දේසි ලෙස කල් පවත්නා සහ අපාරගම්‍ය ද්‍රව්‍ය වලින් සාදන ලද මුද්‍ර තැබූ මිනී පෙට්ටි, නිශ්චිත මුස්ලිම් සුසාන භූමි, ජල මුද්‍රා තිබූ කොන්ක්‍රීට් සොහොන් කොත් හෝ පෙර සැකසූ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් තුළ තැන්පත් කිරීම, එවැනි මිනී පෙට්ටි සොහොන් සහ සුසාන භුමි යන සියල්ල සඳහා නම් කරන ලද අධිකාරියකින් අනුමැතිය ලබා දීම යන කරුණු ඇතුළත් කළ යුතු බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරිම අත්‍යාවශ්‍ය බව සඳහන් කරමින් 2020 අප්‍රේල් මස 11 වන දින අංක 2170/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකු තරන ලද්දේ කොවිඩ් – 19 වසංගතය ආරම්භ වී ටික කලකින් පසුව වීමත් එහිදී වෛරසයේ ස්වභාවය පිළිබඳව වෛරස් විද්‍යාත්මක දැනුමක් නොමැති කම නිසා අවශ්‍ය වූ පූර්ව ආරක්ෂිත පියවරක් බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සහා සංඝ සභාවේ ‘අන්තර ආගමික සබඳතා කමිටුව’ විශ්වාස කරන බවත් එම ලිපියේ දැක්වේ.

එබැවින් මාස 8කට වඩා වැඩි කාලයකින් පසුව සහ කොවිඩ්-19 වෛරසයේ ස්වභාවය පිළිබඳව සැලකිය යුතු පර්යේෂණ සමූහයක් තිබීමත් සමඟ කොවිඩ් – 19 මළ සිරුරු භුමිදානය කිරිම හේතුවෙන් වෛරසය පැතිරීමේ අවදානයක් නොමැති බව පෙන්නුම් කිරිමත් සමඟ අනිවාර්යෙන් ආදාහනය කිරීම සඳහා තවදුරටත් සාධාරණීකරණයෙක් නොමැති බව ඔවුන්ගේ මතය බවත් අදාළ ලිපියෙන් සඳහන් කරයි.

Amarapura_Ramanna_chapter_Sangha

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *