Type to search

කොවිඩ් මරණ භූමදානය ගැන ජපුරේ මහාචාර්යවරිය මාධ්‍යයට කී ඩෙන්මාර්ක් මුගටි උදාහරණය වැරදි බව හෙළිවෙයි

Share

කොවිඩ් මරණ ආදාහනය නොකොට භූමදානය කළහොත් මෙම මළ සිරුරුවලින් වෛරසය පස හෝ භූගත ජලය හරහා ව්‍යාප්ත විය හැකි බවට මතයක් දක්වන ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙයේ ව්‍යවහාරික විද්‍යා අංශයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ අද (23) දින පැවැත්වූ පුවත් සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු නිවැරදි නොවන බව අප(Lankasara) කළ සොයා බැලීමකදී අනාවරණය විය.

මෙම මරණ ආදාහනය කළ යුතු බවට හොඳම නිදර්ශනය ලෙස ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙන්මාර්කයේ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත කිරීම නිසා මරා වළ දැමූ මින්ක් නම් මුගටි විශේෂය ය. මින්ක් මුගටි විශේෂය ආශ්‍රිතව මෙම නව වෛරස් ප්‍රභේදය බෝවීම හේතුවෙන් මරා වළ දමන ලද සතුන්ගේ දේහ යළි ඩෙන්මාර්ක රජය වසින් ගොඩ ගෙන පුළුස්සා දැමීමට තීරණය කර ඇත්තේ එම සිරුරුවලින් භූගත ජලයට කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට පරයේෂණකය දී හෙළි ව ඇති නිසා බව ඇය කීවාය.

එහෙත් ඩෙන්මාර්කයේ නිල වාර්තා කිසිවක හෝ ඇය විසින් උපුටා දක්වන ලද පරයේෂණ පත්‍රිකා කිසිවක එවැන්නක් සඳහන් නොවන අතර මෙම සතුන් ගේ සිරුරු ගොඩ ගෙන යළි පුලුස්සා දැමීමට සූදානම් වන්නේ මෙම අති විශාල සත්ත්ව සිරුරු හේතුවෙන් පස සහ භූගත ජලය වෙනත් විෂ වායුවලින් දූෂණය වීමට පවතින ඉඩ නිසාය.

කොවිඩ් පැතිරීමේ අවදානමක් නෑ…

එසේ වුවද මින් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව එරට රජයේ බලධාරීහු අවධාරණය කරති. ලෝම සහ සම් ලබා ගැනීම සඳහා කර්මාන්තයක් වශයෙන් ඇති කෙරෙක මෙම සතුන් තුළ කොවිඩ් 19 වෙනස් වූ ප්‍රභේදයක් වාරතා වීම හේතුවෙන් මිලියන 17ක සත්ව ගහණයක් ඩෙන්මාර්ක් රජය විසින් විනාශ කළේය.

එම සතුන් ඩෙන්මාර්කයේ හමුදාවට අයත් ප්‍රදේශයක වළ දැමීමට කටයුතු කළ අතර මෙම සතුන් ගේ සිරුරු දිරා යාමේදී පිටවන අහිතකර වායූන් සහ කොටස පිළිබඳව පර්යේෂණයක් සිදු කෙරුණේ එරට තාක්ෂණ විශ්ව විද්‍යාලයය සහ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මඟිනි. මෙම පරීක්ෂණය ඩෙන්මාර්ක් පරිසර ආරක්ෂක අධිකාරිය විසින් මෙහෙයවනු ලැබ ඇත.

ඔවුන් එහිදී සඳහන් කර සිටියේ ඇතැම් ජල මාර්ගවලට ඒවැනි අහිතකර වායූන් එක්වීමේ ඉඩක් පවතින බවය. මේ තත්තවය නිසා එම සතුන් ගෙන් මිලියන 4ක් මෙසේ ගොඩ ගෙන කසළ දහනය කෙරන ඉන්සිනරේටරයක බහා පිළිස්සීමට තීරණය වී තිබේ

තීරණය ක්‍රියාත්මක වන්නේ මැයි මාසයේ දී

මෙම තීරණයද ක්‍රියාත්මක වන්නේ ලබන මැයි මාසයේදීය. ඊට හේතුව වී ඇත්තේ මෙම සතුන් යළි ගොඩ ගැනීමේදී සහ ප්‍රවාහනයේදී කොවිඩ් වෛරසද ආසාදනයකට ලක්වීමේ ඉඩක් පවතින නිසාය. එසේ හෙයින් වෛරසයේ බලය හීන වී එය විනාශ වන තෙක් මෙම සතුන් යළි ගොඩ ගැනීමට හෝ පිළිස්සීම ට කල් ගැනීමට ඩෙන්මාර්ක රජය ක්‍රියා කර ඇත.

එසේම මේ වනවිට මෙම ප්‍රදේශයට සම්පූර්ණ ආරක්ෂාව යොදා ඇති අතර ඩෙන්මාර්ක රජය පවසන්නේ කිසිදු අකාරයකට වෛරසය යළි මෙම සත්ත්ව මළ සිරුරු හරහා ව්‍යාප්ත වීමේ අවදානමක් මේ තුළ නොපවතින බවය.

එවැනි පසුබිමක් පැවතියද මහාචාර්ය මෙත්තිකා විතානගේ තම මතය සනාථ කිරීම සඳහා මෙරට ජනතාව නොමඟ යවන ආකාරයෙන අද මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත්තේ මෙසේය.

මහාචාර්ය මෙත්තිකා මධ්‍ය හමුවේ දී කී මුගටි බොරුව

“දැනට මාසයකට පමණ ඉහත දී ඩෙන්මාර්කයේ මුගටින් කොවිඩ් වාහකයින් බවට හඳුනා ගැනීමත් සමග ලක්ෂ 15ක් පමණ මුගටියන් මරා දමා භූමදානය කළා. පසුව එම රටේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ තාක්ෂණික විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළා. නමුත් පසුව ඔවුන්ට තේරුම් ගියා වෛරස් සහිත මුගටියන් වල දැමීම නිසා භූගත ජලයට වෛරසය මුසුවීමේ අවධානමක් පවතිනවා කියලා.

ඒ අනුව ඩෙන්මාර්ක් බලධාරීන් විසින් භූමදානය කළ මෙම මුගටියන් ගේ සිරුරූ යලි ගොඩ අරගෙන ඒවා පුළුස්සා විනාශ කිරීමට පියවර ගනු ලැබුවා. අද වන විට අප රටේ විකාරරූපි ස්වරුපයකින් දඟලනවා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනවද නැත්නම් ආදාහනය කරනවද කියලා. නමුත් අපට ඩෙන්මාර්කයෙන් ලබාදී තිබෙන උදාහරණය ගැන අවධානය යොමු කිරීම වැදගත්”

-Lankasara

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *