උත්තුංග සාරධර්මවල මූර්තිය නත්තලයි – ජනාධිපති

රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය. එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බව ඇමතිවරිය සඳහන් කළාය. වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බව පැවැසූ වන්නිආරච්චි මහත්මිය පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩිවීමක් වසරකදී පෙන්නුම් කරන බවද කීවාය . රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය . සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී ය.

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන් මහත් බැතියෙන් සමරන නත්තල, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන්නක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

“ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බදු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත් කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කර ගන්නා, අමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කර ගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක්ද වන්නේය.

ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ්කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ. කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගී කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මදක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත්හි දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරතවීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමද එලෙසින්ම වනු ඇත.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *