මරණ ආදාහනය සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් පෙන්වන්නේ ව්‍යාජ විරෝධයක් – ලක්ෂ්මන් කිරිඇල්ල

කොරෝනාවෙන් මියගිය පුද්ගලයන් 2417කගේ ආදාහනයට ලක්ෂ 120ක්

කොරෝනාවෙන් මියගිය පුද්ගලයන් 2417කගේ ආදාහනයට ලක්ෂ 120ක්

සමගි ජන බලවේගය යටතේ තරග කළ දෙමළ මුස්ලිම් පක්ෂවල නියෝජිතයින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දක්වලා මහා පාවාදීමක් කළේ. එනිසා අනාගතයේදී දෙමළ, මුස්ලිම් පක්ෂවල අපේක්ෂකයින්ට සමගි ජන බලවේගය යටතේ තරග කරන්න ඉඩ ලබා දෙන්නේ නෑ. ඔවුන් මැතිවරණයෙන් පසු කැමතිනම් අපිත් එක්ක එක්ව වැඩ කරන්න පුළුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

තවදුරටත් ඔහු අදහස් දක්වමින්,

අපිත් එක්ක දිගටම එක්ව වැඩකරන් දෙමළ මුස්ලිම් අපේක්ෂකයින් හරියටම හඳුනා ගෙන ඔවුන්ව අපේ පක්ෂයට සම්බන්ධ කරගෙන ඔවුන්ට පමණක් අපේක්ෂකත්වය ලබා දෙනවා. මැතිවරණවලින් පසු දෙමළ මුස්ලිම් අපේක්ෂකයන් පාවාදුන් අවස්ථා බොහෝමයි. මින් ඉදිරියට ඒවාට ඉඩ දෙන්න බෑ. දෙමළ මුස්ලිම් පක්ෂ දිගු කාලයක් තිස්සේ රජයත් රටේ ජනතාවත් රවට්ටමින් ක්‍රියා කරලා තියෙනවා. අවුරුදු 20 ක් තිස්සේ අන්ධ ලෙස කරගෙන ආ දේ මින් ඉදිරියට පක්ෂය කරන්න යන්නේ නෑ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය දැනට පවතී නම් මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලුවට පහසුවෙන් විසදුමක් ලබාගන්න තිබුණා. 20 සම්මත කරන්න එයට සහාය දීලා ඔවුන්ටම ගැටලු බොහෝමයකට මුහුණ දෙන්න සිදුවෙලා. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහායෙන් සම්මත කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා අද ඔවුන්ටම විඳවන්න වෙලා.

රටට විනාශයක් ගෙන දෙන ඒකාධිපති පාලනයක් ගේන්න සහාය දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්, කොවිඩ් නිසා මැරෙණ මුස්ලිම් ජනාසාවන් (මරණ) ආදාහනය කිරීමට විරුද්ධව දක්වන්නේ බොරු විරෝධයක්. මොවුන්ගේ මෙම දෙබිඩි දේශපාලනයට මුස්ලිම් සමාජයේ දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා.

-මෙට්රෝ නිවුස්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *