වත්පිළිවෙත්වලට මුල්තැන දී නත්තල් සැමරුම් නිවෙසට සීමා කරන්න – අගරදගුරු

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

ආගමික වත්පිළිවෙත්වලට පමණක් මුල් තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලති‍‍.

කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවෙසේ සාමාජිකයන් සමඟ සැමරීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

රටේ පවතින වසංගත තත්ත්වය තේරුම් ගනිමින් ළඟ එන නත්තලේදී කතෝලික ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරී තිබෙන නිසා සෙසු පළාත්වලටද වසංගතය පැතිර යෑමේ තර්ජනය පැහැදිළිවම පෙනෙන්නට තිබෙන බවත් පැහැදිලි කළ කාදිනල් හිමිපාණෝ වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නොමැති බවත් ඒ නිසා මේ වසරේදී ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන ලබාදෙන බවත් ප්‍රකාශ කළහ.

කොළඹට ඇතුළුවීම, කොළඹ සිට වෙන පළාත්වලට ගමන් කිරීම හැකිතාක් දුරට සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියහ. විනෝද ගමන්, පිරිස් ඒකතුවී සාද පැවැත්වීම හැකි තරම් සීමා කිරීමටත් පවුලක් ලෙස නි‍වෙසේ සියලු දෙනා එකට එකතුවී අර්ථවත් ආකාරයට නත්තල් මංගල්‍යය සමරන්න යැයි මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පෙන්වා දුන්හ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *