කොරෝනා මර්දන එන්නත් තුනකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවන ලකුණු

කොවිඩ් එන්නත මුලින්ම දෙන්නේ සෞඛ්‍ය, ආරක්ෂක අංශ, සහ ජන ඝනත්වයෙන් ඉහළ කොළඹ ජනතාවට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් එන්නත මුලින්ම දෙන්නේ සෞඛ්‍ය, ආරක්ෂක අංශ, සහ ජන ඝනත්වයෙන් ඉහළ කොළඹ ජනතාවට – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොරෝනා වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ප්‍රතිශක්තීකරණ එන්නත් තුනකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමට නියමිත බව වාර්තා වේ. Pfizer සමාගම හඳුන්වා දුන් එන්නත, Moderna එන්නත සහ ඔක්ස්ෆර්ඩ් ආයතනය හඳුන්වා දුන් AstraZeneca එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇත.

Pfizer එන්නත මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේ භාවිතා කරන අතර තවත් රටවල් කිහිපයක් විසින් එන්නත් කිරීම ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

Moderna එන්නත ඇමරිකානු බළධාරීන් විසින් මේ වනවිටත් මිලියන සිය ගණනක් මිලදී ගැනීටම කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මෙම එන්නත් තුනට අමතරව රුසියානු විශේෂඥයන් විසින් “ස්පුට්නික් V” නමින් එන්නතක් හඳුන්වා දී ඇති අතර චීනයද තවත් එන්නතක් හඳුන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *