ප්‍රතිකාර ලබමින් සිටි 04 ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩවලටත් විදලා

පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

පූනානි කොවිඩ් රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ(හිස්බුල්ලාගේ පුනානි බැටික්ලෝ කැම්පස්) රඳවා සිටි කොවිඩ් ආසාදිතයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් සිව්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාව මතයි.

මෙම සිව්දෙනා සුවය ලැබීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම පුද්ගලයන් සිව්දෙනා සුවය ලබා පසුගිය 12 වැනිදා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව යාමට නියමිතව තිබිණි. ඒ අතර ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා විසින් පොලීසිය පැමිණිල්ලක් සිදු කරමින් පවසා තිබෙන්නේ මෙම පුද්ගලයන් සිව්දෙනා විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතුලු භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවයි. එම පැමිණිල්ලට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

-LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *