(Video) මාධ්‍යයේ නොයන ඇමති විමල්ගේ පාර්ලිමේන්තු කතාව

මිරිහාන විරෝධතාවයේ නිරත වූ පිරිස අන්තවාදීන් නම් ඔක්කොම ජනතාව අන්තවාදියෝ - විමල් වීරවංශ

මිරිහාන විරෝධතාවයේ නිරත වූ පිරිස අන්තවාදීන් නම් ඔක්කොම ජනතාව අන්තවාදියෝ - විමල් වීරවංශ

වෙළඳ පොළ විකෘතීන් දේශීය නිෂ්පාදකයාට බලපාන බවත්, යුනිලීවර් ආයතනයේ ලක්ස් හා ලයිෆ්බෝයි ඒ සඳහා හොඳම නිදර්ශනයක් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙය නීරස කතාවත් බවත්, යුනිලීවර් සමාගමේ දැන්වීම් බජට් එක විශාල බැවින් මේවා ජනමාධ්‍යයේ ප්‍රචාරය නොවන බවද ඔහු කියා සිටියේය.

ලයිෆ්බෝයි හා ලක්ස් සබන් කැට ශරීරයට හානිකර බවට අධිකරණයට ගොස් ලබාගත් නඩු තීන්දු ඇතැයි ද, ඒවා පිළිකා කාරක යැයිද, සඳහන් වන නමුත් එම තීන්දුව හෝ පුවත්පත්වල පල නොවන බව ඔහු කියා සිටී.

පාර්ලිමේන්තුවේ මේ මස 30 වනදා පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයට එකතු වෙමින් අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදු කළේය.

“ලංකාවේ ඇඟ ගල්වන සබන් කැටයක ටීඑෆ්එම් අගය සියයට 76.5 ඉක්මවා තිබිය යුතුයි. එය ප්‍රමිතියේ අඩංගු කොන්දේසියක්. ටීඑෆ්එම් අගය 76.5 ට වඩා අඩුනම් එය සබන් ලෙස හඳුන්වන්න බැහැ. ඒවා හඳුන්වන්නේ ‘බේතින් බාර්’ කියලා.

ඒත් අපි සබන් කියලා ඇඟේ ගාන ‘බේතින් බාර්‘ කැටයක ටීඑෆ්එම් අගය සියයට 40 ට වඩා අඩුවෙන්න පුළුවන්. රෙදි සේදීමට ගන්නා සබන් කුඩුවල ටීඑෆ්එම් අගය සියයට 59 යි. ලංකාවේ පාරිභෝගිකයාට මේ ටීඑෆ්එම් අගය ගැන අවබෝධයක් නැහැ. ඒ අනවබෝධය අර දැවැන්ත බහුජාතික සමාගම ජනතාව රවටන්න භාවිතා කරනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් සම්බන්ධ කරගෙන එම ආයතනය 2001 වසරේදී ‘බේතින් බාර්’ නමින් නව එස්එල්එස් ප්‍රමිතියක් රටට හඳුන්වා දෙනවා. කෘතිම සේදුම් කාරක යොදාගෙන වඩාත් හොඳ නිෂ්පාදනයක් ලබාදීම සඳහා එය හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එයට හේතුව ලෙස එහිදී ප්‍රකාශ කරනවා.

ඒත් එහිදී සිදුවුණේ ‘බේතින් බාර්’ වල ටීඑෆ්එම් අගය විශාල ලෙස අඩුවීමත්, පහළ යන ටීඑෆ්එම් අගය වෙනුවට කෘතීම සේදුම්කාරක සියයට 2 ක් වශයෙන් එකතු කිරීමයි. එහිදී ලොව ප්‍රබල සේදුම් කාරකයක් වන එල්එච්එස් නම් සේදුම් කාරක කාණ්ඩයට අයත් සේදුම්කාරක ඇතුළත් කරන්න අවසර දෙනවා. ඒ කෘතිම රසායනය ලංකාවට වැඩිපුරම ගෙන්වන්නෙත් ඉහත කී දැවැන්ත සමාගම විසිනුයි. ඒවා ඩිෂ් වොෂ් සඳහා යොදා ගත්තා.

ඉන්පසුව එම සමාගම මිලෙන් අඩු, විෂෙන් වැඩි විෂ සේදුම් කාරක මේ ‘බේතින් බාර්’ වලට එකතු කරා. ප්‍රමිති ආයතනය මේ දේවල්වලට දොර හැරලා දුන්නා.

2000 වසර වෙනකම් සබන් කැටයක් ලෙස තිබුණු ඔවුන්ගේ නිෂ්පාදනවල දැන් පොඩියට දානවා ‘බේතින් බාර්’ කියලා. එතැන් සිට එය සබන් කැටයක් ලෙස නොවේ හඳුන්වන්නේ. ඉහත කී රසායන ද්‍රව්‍ය සියයට 3.1 සිට සියයට 5.1 දක්වා ඊට එකතු කළා. 1920 ඒ කියන්නේ සුද්දගේ කාලේ ඉඳන් මේ සබන් අපේ වෙළෙඳපොළේ තිබුණා. ඒත් දැන් ඒවා ‘බේතින් බාර්‘ වෙලා. සබන් වෙළෙඳ පොළේ ආධිපත්‍යය මේ අය දැන් පතුරවලා ඉවරයි. පොඩියට බේතින් බාර් කියලා ගැහැව්වට අපට එය දැන් දැනෙන්නේ නැහැ. බේතින් බාර්වලට මුවාවෙලා මිනිසුන්ගේ ඇඟ ගල්වන්න විෂ සහිත සබන් දෙන්න ඒ අය ක්‍රියා කරනවා.”

ප්‍රමිති ආයතනය නඩු තීන්දුව යට ගැසුවේ ඇයි ?

“මේ සේදුම්කාරකය ලොව කොහේවත් සබන්වලට භාවිත වෙන්නෙ නැහැ. ඩිස් වොෂ්, කාර් වොෂ්, කාර්පට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා තමයි මේ සේදුම්කාරක යොදාගන්නේ. නිවෙස්වල භාණ්ඩ පිරිසිදු කරන්න යොදාගන්නා සේදුම්කාරක වලත් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ සියයට 4 ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒත් මේ බේතින් බාර්වල සියයට 3.1 සිට 5.1 දක්වා ඒවා අඩංගු වෙනවා. ලොව ප්‍රකට සඟරාවක දැක්වෙනවා මේ එස්ඞීබීඒඑස් රසායනය සියයට 4 කට වඩා අඩංගු නිෂ්පාදන මිනිස් සමට සහ ඇස්වලට හානිකර බව. පර්යේෂණ මගින් එය සනාථ වෙලා තිබෙනවා.

මෙතරම් විෂ සබන් කැට මිනිසුන්ගේ ඇෙඟ් ගාන්න දීලා බලන් ඉන්න ලෝකයේ එකම රට ලංකාව විතරයි. එම සමාගමට ලංකාවේ පාරිභෝගිකයාව පේන්නේ කාර්පට් එකක් විදිහටයි. ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මේවට ලැජ්ජා වෙන්න ඕන. මේ තමයි සුදු කරපටි සත්තු. මිනිස්සුන්ගේ ජීවිත ගැන තකන්නේ නැති, මිනිස්සුන්ගේ ඉරණම ගැන සිතන්නේ නැතිව, තමන්ගේ ළමයින්ව පිටරට උගන්වන්න යවන්න තමයි මේ වගේ බිළිදීම් කරන්නේ.

මං මේ පිළිබඳව ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡා කරා. ඒත් ඒ අය පිළිගන්න කැමති නැහැ. නඩුවකින් තීන්දුවෙලා තිබෙනවා මේ සබන් මිනිසුන්ට අහිතකරයි කියලා. ඒත් ප්‍රමිති ආයතනය එය පිළිගන්න කැමතිත් නැහැ. ඒ වැරදි නිවැරදි කරන්න කටයුතු කරන්නෙත් නැහැ.”

-srilankamirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *