ඩොලර් මිලියනයක් දිනා ගත් ගුරුවරයා – තෑගි මුදලෙන් අඩක් අනුශූරයන් අතරේ බෙදා දෙයි

ඩොලර් මිලියනයක් දිනා ගත් ගුරුවරයා

ඩොලර් මිලියනයක් දිනා ගත් ගුරුවරයා

රංජිත්සිං තිසාලේ
රංජිත්සිං තිසාලේ

කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ ඉන්දීය පාසල් ගුරුවරයෙකුට ජාත්‍යන්තර ගුරු ත්‍යාගය ඩොලර් මිලියනයක් දිනාගෙන ඇත. ඔහු එම ත්‍යාග මුදලින් සියයට 50 ක් අවසන් තරඟකරුවන් 10 දෙනා අතර සමානව බෙදා ගන්නා බව නිවේදනය කර ඇත.
වෝර්කි පදනම විසින් යුනෙස්කෝව සමඟ එක්ව පවත්වනු ලබන මෙම සම්මානය, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ගුරුවරුන් ඇගයීම සඳහා පවත්වනු ලබයි.

ලොව පුරා රටවල් 140 ක ගුරුවරුන් 12,000 ක් පමණ ත්‍යාගය සඳහා ඉල්ලුම් කළහ. මෙයින් තරඟකරුවන් 10 දෙනෙකු අවසන් තරඟයට තෝරා ගන්නා ලදී. ඔවුන්ගෙන් බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පරිදේවඩි ගම්මානයේ පිහිටි සිල්ලා පරාෂාඩ් ප්‍රාථමික පාසලේ ගුරුවරයෙකු වන රංජිත්සිං තිසාලේ තෝරා ගන්නා ලදී.

රංජිත් 2009 දී සොලපූර් දිස්ත්‍රික්කයේ පරිදේවඩි දිස්ත්‍රික් ප්‍රාථමික පාසලට සම්බන්ධ විය. ඔහු පැමිණෙන විට පාසල් ගොඩනැගිල්ල අබලන් වූ ගව මඩුවක් ලෙසත් කුණු දමන තැනක් ලෙසත් පැවතිනි. ගොඩනැගිල්ල මුලින්ම ප්‍රතිසංස්කරණය කළ රංජිත්, ඉන්පසු ඔහු දේශීය භාෂාවෙන් පෙළපොත් සෑම කෙනෙකුටම ලබා ගත හැකි බවට වග බලා ගත්තේය. QR කේතය හරහා සිසුන්ට ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආකෘතිය පිළිබඳ ඒකාබද්ධ පාඩම් සිදු කළේය.

මේ අනුව ඔහු ගමේ ළමා විවාහ නතර කළේය. සියයට සියයක් ශිෂ්‍යාවන්ගේ පාසල් පැමිණීම සහතික කළේය. රංජිත්ගේ පාසලේ වර්ධනය අනෙකුත් ගමේ පාසල් සඳහා ආදර්ශයක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *