පුටින්ගේ රුසියානු හමුදා බලයට අභියෝග කළ මෝල්ඩෝවේ මායා සැන්ඩූ

මෝල්ඩෝවේ මායා සැන්ඩූ

මෝල්ඩෝවේ මායා සැන්ඩූ

මෝල්ඩෝවේ ජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින මායා සැන්ඩු යුක්රේනය සහ මොල්ඩෝව අතර කැඩී ගිය දේශසීමා (Trans-Dniester) කොටසින් රුසියානු හමුදාව ඉවත් කර ගන්නා ලෙස රුසියාවට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය ජයගත් සැන්ඩු සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත්තේ, අදාළ දේශසීමා කොටසේ හමුදාව රඳවා සිටීමට රුසියාවට කිසිදු අවසරයක් නොමැති බවයි.

”අපි ස්වාධීන රටක් එම නිසා අපේ භූමියේ විදෙස් හමුදාවක් සිටිය යුතු නැහැ. මෙය ප්‍රකාශයක් පමණක් නොවේ. මෙය අවශ්‍යයෙන් ම සිදු විය යුත්තක්”

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ආයුධ ඉවත් කිරීම සහ හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ ගැටලුව විසඳා ගන්නා තෙක් සිය උත්වසාහය අත්නොහරින බවයි.

කෙසේ වෙතත් මෝල්ඩෝවා නව ජනපතිනියගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසා ඇත්තේ එමගින් කලාපය අස්ථාවර විය හැකි බවයි.

අභිනවයෙන් පත් වීමට සූදානමින් සිටින ජනපතිනියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනපති මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යට පවසා ඇත්තේ, ට්‍රාන්ස් ඩයිනෙස්ටර්හි ස්ථානගත කර ඇති හමුදාව එහි රැඳී සිටිය යුතු යැයි, රුසියාව අපේක්ෂා කරන බවයි.

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බවත් සිදු කරන ඕනෑම වෙනසක් කලාපයේ බරපතළ අස්ථාවරත්වයට හේතු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

රුසියාව මෙම කලාපයේ හමුදා සමාජිකයින් 1,500ක් පමණ ස්ථානගත කර සිටිති.

පසුගිය මාසයේ මෝල්ඩෝවේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රසිද්ධියේ ම රුසියාවට පක්ෂපාතීවයක් දැක්වූ හිටපු ජනපති ඊගෝර් ඩොඩන් පරාජයට පත් විය.

ඉන් ජය ගත්තේ ලෝක බැංකු හිටපු ආර්ථික විශේෂඥවරියක වූ 48 හැවිරිදි මායා සැන්ඩු ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *