දින 100ක් මුහුණු ආවරණ පළදින්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලයි

joe biden - ජෝ බයිඩන් ඇමරිකා

joe biden - ජෝ බයිඩන් ඇමරිකා

දින 100 නොකඩවා මුහුණු ආවරණ පළඳින ලෙස තේරී පත්ව සිටින ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියි. එය කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට මනා පිටුවහලක් වනු ඇති බවයි නව ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

සෑම ඇමරිකනුවෙක්ම මුහුණු ආවරණ පළඳින්නේ නම් සැලකිය යුතු ප්‍රමාණයකින් රෝග ව්‍යාප්තිය අඩුවන බවද ඔහු සඳහන් කරයි.

එහි අදියරක් ලෙස සියලුම රජයේ ආයතනවල සියලු දෙනා මුහුණු ආවරණ පැළදිය යුතු බවට ජෝ බයිඩන් නියෝග කර ඇත.

එමෙන්ම නව ජනාධිපතිවරයෙකුගේ මුල් දින 100ක කාලය තුළ සිදුවන දේවල් ඉදිරි කාලය පිළිබඳ පුරෝකථනය කළ හැකි මිනුමක් බවද නව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මේ වන විටත් ඇමරිකානුවන් වෙත කොවිඩ් එන්නත් නැව් ගත කිරීමට ලොව දැවැන්ත ඖෂධ සමගම් සූදානමින් සිටින මොතක කොවිඩ් 19 වෛරසයේ බලපෑමෙන් මේ වන විටත් ඇමරිකාව තුළ මරණ 276,000 ක් පමණ සිදුව තිබේ.

වෛරසය අසාදනය වූවන් මිලියන 14.1 ඉක්මවා ඇති බවද සඳහන්.

-LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *