(video) 1200ට ගත හැකි PCR කට්ටල, රජය සැපයුම්කරුවන්ගෙන් 5500ට ගන්නවා – රවී කුමුදේශ්

වැඩි මිල සැපයුම්කරුගෙන් PCR කට්ටල මිලට ගැනීමේන් රජයේ පාඩුව ලක්‍ෂ 1250ක් - විගණකාධිපති

වැඩි මිල සැපයුම්කරුගෙන් PCR කට්ටල මිලට ගැනීමේන් රජයේ පාඩුව ලක්‍ෂ 1250ක් - විගණකාධිපති

2020 ඔක්තෝබර් 02 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශය කැඳවූ ටෙන්ඩරය අනුව PCR කට්ටලයක් රුපියල් 1200 – 1500 වැනි මිල ගණන්වලට සැපයීමට සමාගම් ඉදිරිපත්ව සිටින නමුත් රජය තවමත් එම ටෙන්ඩරය ක්‍රියාත්මක නොකර රුපියල් 5500ක පමණ මිලකට PCR කට්ටල පැරණි සැපයුම්කරුවන් වෙතින්ම මිලදී ගනිමින් සිටින බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොරෝනා වෛරසය ලෝකය තුළ පැතිරුණු මුල් අවධියේදී මෙම PCR කට්ටල මිල අධිකව තිබුණත් ලෝකයේ විවිධ සමාගම් විසින් නවීන තාක්ෂණය භාවිතා කරමින් ඒවායෙහි පිරිවැය අඩු කරගෙන තරගකාරී අඩු මිල ගණන්වලට ඒවා සැපයීමට මේ වනවිට සමත්ව සිටින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එසේ වෙතත් ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන හෝ හේතුවක් මත මෙසේ අඩු මිලට මෙම ප්‍රතික්‍රියක කට්ටල ලබාගැනීමේ අවස්ථාව මඟහරිමින් තවමත් විශාල මුදලක් වැය කරමින් පැරණි සැපයුම්කරුවන්ගෙන් පැරණි මිලටම PCR කට්ටල මිලදී ගනිමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම පෞද්ගලික අංශයට ද PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6500ක උපරිම මිලක් එකල නියම කරන ලද්දේ මෙකී පැරණි මිල ගණන් අනුව බව සිහිපත් කළ ඒ මහතා මේ වනවිට පෞද්ගලික අංශයේ PCR පරීක්ෂණයක මිල ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා ජනතාවට එම සහනය ලබාදීමට රජය කටයුතු කළයුතු බවත් අවධාරණය කළේය.

එහෙත් එවන් තත්වයක් තුළ පවා පෞද්ගලික අංශයේ ඇතැම් රෝහල් මෙම පරීක්ෂණය සඳහා විවිධ වියදම් එකතු කරමින් ඉතා ඉහළ මිල ගණන් අය කරන බව පැවසූ ඒ මහතා විශේෂයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී සිදුකරන PCR පරීක්ෂණ සඳහා ඇතැම් පෞද්ගලික රෝහල් රුපියල් 19000ක වැනි මුදලක් ද අය කරන බව සඳහන් කළේය.

එසේ මුදල් අය කිරීමට රජය තීරණය කර ඇත්නම් එම මුදල් පෞද්ගලික අංශයට යාමට ඉඩ නොදී රජයේ රසායනාගාර පද්ධතිය වෙත ලබාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් ඒ මුදලින් රජයේ රසායනාගාර පද්ධතියට අවශ්‍ය නවීන යන්ත්‍ර මිලදීගෙන ඉතාම ඉහළ මට්ටමකට එම රසායනාගාර දියුණු කිරීමට පහසුවෙන් හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *