ශ්‍රී ලංකාව ප්‍රාණ ඇපයට ගන්න චීනය උත්සාහ කරනවා – විපක්ෂය අනතුරු අඟවයි

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ශ්‍රී ලංකාවට පමණට වඩා අධික ලෙස ණය ලබා දී චීනය අපව ප්‍රාණ ඇපයට තබා ගැනීමට මිස මිත්‍ර සබඳකමක් පවත්වා ගැනීමට චීනය කිසිසේත් සිතා නැති බව විරුද්ධ පක්ෂ සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටළු ඇතිකරගෙන රජයට කිසිවක් කළ නොහැක. අද රජය පත්කර ඇති තානාපතිවරුන් සමහරක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වගේ.

මෙවැන් අය මගින් ජාත්‍යන්තර ප්‍රජාව දිනාගන්න බැහැ. ඒ වගේම අද කොවිඩ් අර්බුදයත් එක්ක තානාපති කාර්යාලය අර්ථ විරහිත එකක් බවට පත්වෙලා. පත්වී සිටින තානාපතිවරුන් බටහිර රටවලට විරුද්ධව කථා කරනවා. නමුත් අපේ වෙළඳාමෙන් සියයට 60 ක් බටහිරින් බව මතක තබා ගත යුතුයි. ඔබ විශ්වාස කරන චීනය අපව ණය උගුලක හිර කිරීම හැර ඔවුන්ගේ වෙළඳාම සියයට 1.5 ක් පමණක් බව අමතක නොකරන්න.

චීනය ණය පමණක් නොවෙයි, කොවිඩ් 19 ත් ලබා දී තිබෙනවා. කුඩා රටවලට උදව් කරන බව අගවමින් ණය කන්දරාවක හිර කරලා පසුව එම රටවල සම්පත් සූරා කනවා. චීනය අපිත් එක්ක ඇත්තටම බැදී සිටී නම් ඇයි තම ආර්ථික දායකත්වය ලබා නොදෙන්නේ? ඔවුන්ට අපෙන් භාණ්ඩ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. චීනයට අවශ්‍ය ඕනැවට වඩා ණය දීලා අපිව ප්‍රාණ ඇපයට තබා ගන්න.

මොම්බාසා වරාය චීනයට අයත් කරගෙන ඇත්තේ මොම්බාසා වෙත ලබාදුන් ණය ආපසු නොගෙවීම හේතුවෙන්. කොළඹ වරාය නගරයටත් මෙම දේම සිදුවනු ඇතැයි මතකේ තියාගන්න.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *