රජය මානුෂීයව කටයුතු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

හුදකලා කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව සමග රජය අමානුෂීය ලෙස සැලකීම නිසා ජනතාව ව්‍යාකූල වී සිටිති. අපි ජනතාව ව්‍යාකූල කර ඇති බවට සිදුකරන ප්‍රචාරයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොවිඩ් නිසා හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු සහ රජය විසින් ඒ සඳහා ගනු ලබන විසඳුම් පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු කළේය. විපක්ෂ නායකවරයා ජනතාව නොමග යවන බව පැවසූ රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා සිකුරාදා මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයන බව පවසා සිටියේය.

මෙයට ප්‍රතිචාර දැක්වූ සජිත් ප්‍රේමදාස,

කොවිඩ් හුදකලා කිරීම් බස්නාහිර පළාතේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට දැඩි ලෙස බලපාලා තියෙනවා. ඔවුන්ගේ දෛනික ජීවනෝපායට බලපාලා. තම නිවෙස්වල හිරවී සිටින ජනතාවගේ දෛනික ජීවිතය ආවරණය කිරීම සඳහා රජය මසකට දෙන රුපියල් 5000 ප්‍රමාණවත් නැහැ. මිනිසුන් කලබල වීමට සහ කොවිඩ් පවා ගණන් නොගෙන පාරට බැසීමට රජය සිදුකරන දේවල් හේතුවෙලා තියෙනවා.

රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ පවසන ආකාරයට ජනතාව කලබල කිරීමට අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ජනතාවගේ අමාරුකම් මතින් දේශපාලනය කිරීමේ අවශ්‍යතාවය අපිට නැහැ. රජයෙන් දෙන රුපියල් 5000 මුදලින් දවස් 30 කට බෙදා වියදම් කළ යුතු බව රජයේ ඇමතිවරයෙක්ම කියලා තියෙනවා.

ආණ්ඩු පක්ෂයේ මෙවැනි කථාවලින් තමයි ජනතාව කෝපවෙලා කලබල වෙන්නේ. එබැවින් පීඩාවට පත්වී සිටින ජනතාව සම්බන්ධයෙන් රජය මානුෂීයව කටයුතු කළ යුතු බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *