ගැසට් එකේ මිලට හාල් ගන්න කරල කැපෙනකල් ඉන්න – බන්දුල ගුණවර්ධන

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (22) දඹුල්ලේ දී පැවසීය.

සහල් පාලන මිලක් නියම කර ගැසට්ටුවක් නිකුත් කළ ද ඒ අයුරින් සහල් මිල අඩු නැතැයි කියමින්, අමාත්‍යවරයා දඹුල්ලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවය . එමෙන්ම වත්මන් රජය ගොවියාගේ පැත්තේ සිටගන්නා බවද ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පළතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා එක් වූයේය.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් සමග අමාත්‍යවරයා මෙහි නිරීක්ෂණය සිදු කළහ.

නිරීක්ෂණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයේ අමාත්‍යවරයෙකු වූ හර්ෂ ද සිල්වා මහතා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අතරමඟ නැවතී ඇතැයි චෝදනා කරන බවය .එවැනි අතරමග නැවතීමක් නොමැති බවද පෙන්වාදුන්නේය. පසුගිය රජය මගින් ඉන්දියානු ආධාර මත මෙය ඉදි කිරීම් ආරම්භ කළ ද අතරමග එම රජය විසින් නවතා දැමූ ඉදිකිරීම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නැවත ඉදිකිරීම් ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියානු මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදි කෙරෙන මෙම උෂ්ණත්ව සහ සීතල පාලන ගබඩා සංකීර්ණය තුළ දේශීය ලොකු ලූනු සහ දෙහි ගබඩාකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වන එකක් බවද මෙහි එලවලු ගබඩා කිරීමක් හෝ කල් තබා ගැනීමක් සිදු නොවන බවද මෙය එළවලු කල් තබාගැනීමේ ශිතාගාරයක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම උෂ්ණත්ව සහ සීතල පාලනය කිරීමේ ගබඩා සංකීර්ණය ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කර සිටි අතර ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති අය සමඟ සාකච්ඡා කිරීමට යන බවද කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *