රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා – එන්. යෝගලනාදන්

රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා - එන්. යෝගලනාදන්

රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා - එන්. යෝගලනාදන්

ඓතිහාසික සාක්ෂි ලෙස මුද්දර එකතු කිරීම, රට රටවල්වල කාසි එකතු කිරීම මෙන්ම ඇතැමුන් ලේන්සු වර්ග එකතු කිරීමද දන්නා කරුණකි. නමුත් යාපනයේ එක්තරා පුද්ගලයෙකු විවිධ සිතුවම් සහිත වෙනස් වූ භාණ්ඩයක් යුධ සමයේ සිට මේ වන තෙක් එකතු කරමින් ඒවා ආරක්ෂා කර ගනිමින් සිටින බව දැන ගන්නට ලැබී ඇත.

තම රැකියාව වෙනුවෙන් විවිධ රටවල්වල සේවකයන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබුණු හෙයින් එම විවිධ රටවල්වල භාණ්ඩ අවුරුදු 35කට පෙර සිටම එකතු කර ගැනීමේ උත්සාහයේ නිරත විය.

එමඟින් ඔහු විවිධ රටවල්වල සේවකයන්ගෙන්, එම රටවල්වල භාවිතා කරනු ලබන ගිනි පෙට්ටි ලබා ගැනීමට අවස්ථාවක් උදා කර ගත්තේය.

ඔහු යාපනයේ කොණ්ඩාවිල් හි පදිංචිව සිටියත් ඔහුගේ ස්ථිර පදිංචිය අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශය වේ. එමෙන්ම ඔහු 1977 වර්ෂයේ සිට සංචාරකයින්ට මඟපෙන්වන්නෙක් වශයෙන් වෘත්තියේ නිරත විය. මෙලෙස තම රැකියාව කරන කාලයේ විදේශ සංචාරකයන්ගෙන් එම රටට අදාළව ගිනි පෙට්ටියක් සමරු භාණ්ඩය ලෙස ලබා ගෙන ඇත. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ 1983 වර්ෂයේ ඇති වූ ජනවාර්ගික අර්බුදය උග්‍ර වීම හේතුවෙන් ඔහු තම පදිංචිය වෙනස් කර යාපනයේ කොණ්ඩාවිල්හි වාසය කිරීමට ආරම්භ කළේය.

මෙලෙස කොණ්ඩාවිල් ගමට රැගෙන ආ විවිධ රටවල්වල ගිනි පෙට්ටි ද ආරක්ෂා කර ගනිමින් 1995 වර්ෂයේ යාපනයේ අවතැන් වීමෙන් පසු වන්නියට ගොස් වන්නියේදී විවිධ අවස්ථාවන්හිදී අවතැන් වීමට භාජනය වුවත්, 1997 සහ 98 වර්ෂවල සාමාන්‍යයෙන් ගිනි පෙට්ටියක මිල රු.2ක් වුවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගිනි පෙට්ටි තහනමක් පනවා තිබූ කාලයේ ගිනි පෙට්ටියක මිල රු.15ත් 20ත් අතර මිලකට වැඩි වී තිබුණු විටත්, ඔහු එකතු කර තිබූ විවිධ රටවල්වල ගිනි පෙට්ටි භාවිතයට නොගෙන එය තම සමරු භාණ්ඩයක් ලෙස තබා ගත්තේය.

මෙලෙස 1977 වර්ෂයේ සිට 1983 වර්ෂය දක්වා සියයට අධික රටවල්වල ගිනි පෙට්ටි එකතු කළත් ඇතැම් අවතැන්වීම් මත වැස්ස, ජලයෙන් සහ අනෙකුත් උවදුරුවලින් ආරක්ෂා කර ගනිමින් තවමත් රටවල් 53ක ගිනි පෙට්ටි සම්පූර්ණ ලෙස ද සමහර ගිනි පෙට්ටි සුළු පළුදුවීම් මත වුවත් ආරක්ෂා කරමින් තබා ගෙන සිටී. මේ ආකාරයෙන් ආරක්ෂා කරමින් පවතින ගිනි පෙට්ටි සියල්ල කුමන ලෙස හෝ දැඩිව ආරක්ෂා කිරීම පමණක් නොව මෙය තව දුරටත් කෙසේ ක්‍රියාත්මක කළ යුතුද යන ප්‍රශ්නය පැන නැඟිණි. මේවා දීර්ඝ කාලයක් ආරක්ෂා කරමින් පවතින බව දන්නා ඇතැමුන් පුදුමයෙන් බැලුවත් තවත් සමහර අය අවඥාවට ලක් කළහ.

මෙවැනි වෙනස් වූ චින්තනයකින් සිටින පුද්ගලයාගෙන් ඔහුගේ නම, ලිපිනය, වයස ඇසූ පසු මාගේ උත්සාහය අගය කරමින් තවත් ඉදිරියට මෙය ගෙන යා යුතු අතර මෙයින් ප්‍රසිද්ධියට පත් වීමට කැමැත්තක් නොදක්වමි. මාගේ ජීවිත කාලයේ අහිමි වූ දේවල් බොහෝය. මේ හරහා මා කිසි දෙයක් බලාපොරොත්තු නොවන බව පැවසූ ඔහු ගිනිපෙට්ටි සියල්ල පිළිවෙලකට තබා ඡායාරූපගත කරන්න. නමුත් මාව අතහරින්න. මෙය මීළඟ පරම්පරා සිසු දරුවන්ට කුමන හෝ මඟකින් ප්‍රයෝජනවත් වේ නම් මා මෙතරම් කාලයක් ආරක්ෂා කළ දේට වටිනාකමක් ලැබේ යැයි සිතමි.

මාගෙන් පසු මා විසින් එකතු කළ මෙම භාණ්ඩ ප්‍රාදේශීය පොදු කෞතුකාගාරයක නැතහොත් පොදු ස්ථානයක ප්‍රදර්ශනයකට තැබිය යුතු යැයි මාගේ ආශාවයි. ඒ සඳහා මා උත්සාහ කරමි යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා - එන්. යෝගලනාදන්
රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා – එන්. යෝගලනාදන්
රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා - එන්. යෝගලනාදන්
රටවල් 53ක ගිනි පෙට්ටි එකතු කර ගෙන සිටින යාපනයේ ගිනි පෙට්ටි ලෝලියා – එන්. යෝගලනාදන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *