රජය ආරක්ෂක අමාත්‍යංශයට වැඩියෙන් මුදල් වෙන්කරලා තියෙන්නේ යුද්ධයක් අපේක්ෂාවෙන්ද? – විග්නේශ්වරන්

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

තමා ඉල්ලන්නේ ෆෙඩරල්; බලය බෙදීමට ඉන්දියාව එකඟයි - විග්නේශ්වරන් පවසයි

රටේ අත්‍යාව‍්ශ්‍ය අංශ සඳහා අරමුදල් වෙන් කිරීමට අවශ්‍යම මොහොතක ආරක්ෂක අමාත්‍යංශයට අධික ප්‍රතිපාදනයක් වෙන් කිරීමෙන් රජය තවත් යුද්ධයක් අපේක්ෂා කරන්නේ දැයි දෙමළ ජාතික සන්ධානයේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ප්‍රශ්න කළ අතර එසේ යුද්ධයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ දෙමළ ජනතාව සමගද? ඉන්දියාවත් සමගද? නැත්නම් බටහිර රටවල් සමගද? යැයි ප්‍රශ්න කරන ලදී.

බ්‍රහස්පතින්දා දින (19) පාර්ලිමේන්තුවේදී 2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ විව‍ාදය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

“සාම කාලය තුළ යුද කාලීන අයවැයක් කුමකටද? මම නම් කියන්නේ මේ අයවැයෙන් අඩු ප්‍රතිපාදනයක් ආරක්ෂාවටත් වැඩි මුදල් ප්‍රතිපාදනයක් ක්ෂුද්‍ර ආර්ථිකය හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතු සඳහාද වෙන් කරන්නයි තිබු‍ණේ.

ඔබ ඔබටම විනාශයක් කරගන්නයි යන්නේ. රටේ එක් පාර්ශවයක් දෙස සැකෙන් බලන නිසයි මෙතරම් යුද උපකරණ, කාලතුවක්කු වැනි අවි ආයුධ මිලට ගන්නේ. ඔබ පාබල හමුදාව වැඩි කර ගන්නවා. වැඩි ප්‍රමාණයක නාවික හමුදා උපකරණ මිලට ගන්නවා. මෙච්චර කාලයක් ආතක් පාතක් නැතිව මේවා අරගත් නිසා තමයි අපේ ජාතික ණය මෙච්චර වැඩිවෙලා තියෙන්නේ.

2021 දී ඔබ අපේක්ෂා කරන ආදායම ට්‍රිලියන 1.9යි. අපේක්ෂිත වියදම කවදාවත් නැතිව ට්‍රිලියන 3.52යි. හිඟය ට්‍රිලියන 1.56ට කොහොමද මුහුණ දෙන්නේ? මේක ඔබලා දෙමළ ජනතාව මත ඇති අවිශ්වාසය නිසා ඇති කරගත් දෙයක්. ඔබලාගේ ජාතික ණය අපිටත් බලපාන බව අමතක කරන්න එපා.

වැඩි කාලයක් යන්න කලින් ජාත්‍යන්තර රටවල් ඔබව විශ්වාසදායක ණයගැතියෙකු ලෙස පිළිනොගන්නා තත්වයට පත්වේවි. තියෙන ණය පවා ගෙවන්න බැරි තත්වයකයි තියෙන්නේ.

රට තුළ අපව පාලනය කිරීමට අපිටම ඉඩදෙන ලෙසයි අපි ඉල්ලන්නේ. එසේ වුවහොත් අපිත් අපේ සංක්‍රමණික දෙමළ ජනතාවත් මේ රට ඉදිරියට ගෙන යෑමට ඔබත් සමග එක්ව වැඩ කිරීමට සූදානම් වනු ඇත. යුද්ධය අවසන් වී අවුරුදු 11ක් වෙනවා. උතුරු නැගෙනහිර කිසිදු සංවර්ධනයක් නැහැ. රැකියා හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙතෙක් දීර්ඝ කාලයක් තිස්සේ හිතපු විධිය වෙනස් කර අළුත් විධියකට හිතන්න පුරුදු වෙන්න”. යැයි පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *