ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

ගජේන්ද්‍ර කුමාර්ගේ කතාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාට නොසලකන බවත් යුද අපරාධ කළ බවත් කියමින් ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාවට පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් ස්වභාවයක් ගත්තේය.

එහිදී සරත් ෆොන්සේකා මහතා නැගී සිටිමින් හමුදාපති කිසිදු යුද අපරාධයකට දායක න‍ොවූ බවත් මෙවැනි දේ කීම වැරදි බවත් කියා සිටියේ දැඩි ස්වරයකිනි. අහිංසක නිරායුධ වැසියන් ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානය බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

පොන්නම්බලම් මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් කරන කථාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ඉන්දික අනුරුද්ධ මහතා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ නොකළ බවත් දෙමළ ජනයා ඝාතනය කළ බව කියමින් රජයට චෝදනා කරමින් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිදුකරන කථාව ජාතිවාදය ඇවිස්සීමක් බවත් කියමින් නිමල් ලංසා ඇමැතිවරයාද සභාවේ නැගී සිටිමින් ඊට විරෝධය පළ කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම එම කථාවට විරෝධය පළ කළ අතර විරෝධතා මැද පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය කථාව සිදු ක‍ළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *