Type to search

ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්තඩංගුවට, කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක්

Share

රුපියල් මිලියන 90ක (කෝටි 9) මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා ඊයේ (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පෞද්ගලික සමාගමකින් දියර පොහොර මිලදී ගැනීමේදී සිදුවී ඇති රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වසරේ (2020) ජනවාරි 14 වැනිදා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

2017 සිට 2019 දක්වා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *