ක්‍රෙඩිට් කාඩ් භාවිතය නිසා විදේශ රටවලට රුපියල් කෝටි 412 ක් බදු ලෙස ගෙවලා තියෙනවා – විජේදාස රාජපක්ෂ

ක්‍රෙඩිට් කාඩ් භාවිතය නිසා විදේශ රටවලට රුපියල් කෝටි 412 ක් බදු ලෙස ගෙවලා තියෙනවා - විජේදාස රාජපක්ෂ

ලබන වසර සඳහා වන මුළු වියදම පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 3,000 ක ණයක් අවශ්‍ය බවත් ජාත්‍යන්තර ණය ලැබෙන්නේ නම් ජාතික වශයෙන් වියදම් පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බව ආණ්ඩු පක්ෂයේ සාමාජික විජේදාස රාජපක්ෂ මහතා සභාවට කියා සිටියේය.

2015 වසරේ ගණනයන්ට අනුව ක්‍රෙඩිට් කාඩ් මගින් වසරකට රුපියල් කෝටි 412 ක් බදු වශයෙන් විදේශයට ගෙවා ඇති බවද ඔහු පැවසීය.

අයවැයක් ඉදිරිපත් කිරීමේදී ආණ්ඩු පක්ෂය සාමාන්‍යයෙන් එය හොඳම අයවැය ලෙසත් විපක්ෂය නරකම අයවැය ලෙසත් කියන ඒක සාමාන්‍යයයි . නමුත් මෙය රජයට පමණක් සීමා වූ කාරණයක් නොවේ. රටේ අවශ්‍යතාවයක්.

එබැවින් විසඳුමක් සෙවීම සඳහා ආණ්ඩුව හා විපක්ෂය එක්ව කටයුතු කළ යුතුය. 2021 වන විට බිලියන 3000 ක ණය මුදලක් අවශ්‍ය වේ. මෙම මුදල අපට සම්පුර්ණයෙන්ම ලබා ගත හැකි යැයි පැවසිය නොහැක. නමුත් අප සැලසුම් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අපට ලැබෙනු ඇත. මෙය ජාතික වශයෙන් හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳව අප ගවේෂණය කළ යුතුය.

රටේ ජනතාව අතේමුදල් සංසරණය වන්නේ නම් එය හොඳ දෙයක් වනු ඇත, නමුත් අද රටේ ආපදා තත්ත්වය තුළ ජනතාව සතුව මුදල් නොමැති අතර එය රටේ ආර්ථිකයට විශාල පහරක් වනු ඇත. එබැවින් අළුතින් මුදල් මුද්‍රණය කළ යුතුය. ඒ් වගේම අපේ මුදල් විදේශගත වීම ගැනද සලකා බැලිය යුතුය. අපි ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ව්‍යාපාර කිරීමේදී එයින් කොටසක් විදේශ ගත වෙනවා‍.

මෙය වළක්වා ගැනීම සඳහා ජාතික වශයෙන් වෙනසක් සිදු කළයුතුය. 2015 ඇස්තමේන්තුවට අනුව ක්‍රෙඩිට් කාඩ් මගින් වසරකට රුපියල් කෝටි 412 ක් බදු වශයෙන් පිටරට වලට ගෙවලා තියෙනවා.

එබැවින් 2018 දී QR පද්ධතිය හඳුන්වාදීම සාර්ථක විය. මෙම වැඩසටහන හැසිරවීමේදී වෙනත් රටවල් සාර්ථක වී ඇත. ඉන්දියාව මේ සඳහා හොඳ උදාහරණයකි.

එබැවින් මුදල් අමාත්‍යාංශය මෙය සලකා බැලිය යුතු අතර මහ බැංකුව කුමක් කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සැලකිලිමත් විය යුතුය. ස්වාධීන ආයතන වල දේශපාලන මැදිහත්වීම වැළැක්විය යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නොවන අයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත්වූයේ මහ බැංකුවේ දේශපාලන මැදිහත්වීම හේතුවෙනි. එබැවින් මෙම කටයුතු වලක්වා ගැනීමට පියවර ගත යුතු බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *