2020 මාර්තු වැඩිකරනවා කියු වතු කම්කරු වැටුප රු.1000, නැවතත් යෝජනා කරයි

විදේශයන්හි රැකියාවලට ගිය වතු කම්කරු කාන්තාවන් 87,000ක් - කම්කරු අමාත්‍ය

විදේශයන්හි රැකියාවලට ගිය වතු කම්කරු කාන්තාවන් 87,000ක් - කම්කරු අමාත්‍ය

වතු කම්කරු වැටුප රු.1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙනුත් නැවත යෝජනා කර තිබේ. පසුගිය මාර්තු මස පලමුවෙනිදා සිට වතු කම්කරු වැටුප රු.1000ක් කරන බවට මීට පෙරද ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදි.

මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් වැවිලි සමාගම් වලට පාඩුවක් සිදු නොවන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශ කරන ලදි.

අවස්ථා ගණනාවකදී දේශපාලනඥයින්ගේ බොරු පොරොන්දු වලට රැවටුන වතු කම්කරුවන්ට නැවත වරක් මෙවර අයවැයෙන්ද 2021 ජනවාරී සිට රු.1000ක් ලබාදෙන බවට එවැනිම පොරොන්දුවක් ලබාදී තිබේ.

වතු කම්කරු වැටුප රු.1000 දක්වා වැඩි කිරීමට පසුගිය කාලය පුරාම යෝජනා කෙරුණු අතර වෘත්තීය ක්‍රියා මාර්ග පවා ගනු ලැබීය. දැනට වතුකම්කරුවන්ට ලැබෙන්නේ දිනකට රුපියල් 730ක මුදලකි.

මෙතෙක් කල් අවසානයේ සමාගම් මෙම යෝජනාවට පක්ෂපාතී බවක් දක්වා නොතිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *