භූමදානය සඳහා ඉල්ලීම් වැඩි වෙමින් පවතී, තවම විසඳුමක් නැත – සෞඛ්‍ය අමාත්‍ය

(VIDEO) අමාත්‍යංශය අහිමි වූ පවිත්‍රාගේ බිලි පූජා කතාව

(VIDEO) අමාත්‍යංශය අහිමි වූ පවිත්‍රාගේ බිලි පූජා කතාව

කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන් භූමදානය කරන ලෙස තමන්ගෙන් විවිධ පාර්ශව ඉල්ලා ඇති බවත්, මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයෙන් විවිධ වාර්තාවන් බලාපොරොත්තු වන බවත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසා සිටියාය.

තවද, පසුගිය කැබිනට් මණ්ඩලයේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළද කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය. මෙම විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය තමාට දැනුම් දුන් බව ඇමතිතුමිය මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්තාව ලැබීමෙන් පසු අවසන් තීරණය ගැනීමට නියමිත බව ඇය පැවසුවාය.

විශේෂඥ කමිටුව මෙම මස 11 දින පත් කරන ලදී.
-meelparvai-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *