“ගෝඨා ෆේල්” කියලා කියන්න හේතු ඉදිරිපත් කළ කබීර් හෂීම්

"ගෝඨා ෆේල්" කියලා ජනතාව කියන්න හේතු ඉදිරිපත් කළ කබීර් හෂීම්

"ගෝඨා ෆේල්" කියලා ජනතාව කියන්න හේතු ඉදිරිපත් කළ කබීර් හෂීම්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය මෙම වර්ෂයයි. නමුත් අපි දින 100ක් තුළ කළ වැඩසටහන් පවා දින 365ක් ගතවෙලත් මේ රජයට කර ගන්නට අපොහොසත් වෙලා තිබෙනවා. එනිසා තමයි ජනතාව කියන්නේ “ගෝඨා ෆේල්” කියලා යනුවෙන් විරුද්ධ පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් පවසා සිටියේය.

2020 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට සහභාගීවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
ඉතිහාසයේ පළමු වතාවට අවුරුද්දක කාලයක් තුළ අයවැය 2ක් ඉදිරිපත් කර ඇත. රජය ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ බලයට පැමිනිය ද, රජයට 2020 සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.

එහෙත් 2015 දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ අප බහුතරයක් නැතිවද, දින 100 කින් අයවැයක් ඉදිරිපත් කර ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය බඩුවල මිල අඩු කරන ලදී. රජයේ සේවකයින්ගේ පඩිය දහදාහකින් වැඩි කල අතර, ගෑස් පෙට්‍රල් මිල අඩු කර ජනතාවට සහන ලබා දී ඇත. නමුත් මෙම ආණ්ඩුව බලයට පත්වී කරන ලද කාරයයන් කුමක්ද?. අඩුම තරමේ අයවැයවත් ඉදිරිපත් කරන්න බැරිවී ඇත. එබැවින් ජනතාව “ගෝඨා ෆේල්” කියා පවසයි.

තවද ඕනෑම රජයක් කිසියම් වැය වර්ෂයක් සඳහා වැය කිරීම්වලද අදාල අනුමැතිය එම වර්ෂය මුලදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබා ගත යුතුයි. නමුත් අගමැතිතුමා මේ වර්ෂයට කළ වියදම් සඳහා අනුමැතිය ඉල්ලනු ලබයි. ඒ වගේම මෙම අවුරුද්දට ජනවාරි සිට අප්‍රේල් 31 දක්වාද සැප්තැම්බර් සිට දෙසැම්බර් 31 දක්වාද අතුරු සම්මත ගිණුම් දෙකක් සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ. එමගින් බිලියන දෙදහසක් ණය ලබාගෙන ඇත.

නමුත් අතරමැදි කාලය වන මැයි මස සිට අගෝස්තු 31 දක්වා මේ රජය විසින් කළ වියදම් සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලබා ගැන නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිට එම බලය නැහැ. එසේ නම් මෙම කාලයට කල වියදම නීති විරෝධි වේ. මේකට අනුමැතිය ලබා දුන්නේ කවුද කියලා අපි ප්‍රශ්න කරනවා. මෙම අවුරුද්ද තුළ රජය ලබා ගත් ණය නිසා සමිපූර්ණ ණය ප්‍රමාණයට බිලියන 2දහස් 650 කින් වැඩි වෙලා. නිදහස ලබා මෙතෙක් ලංකාවේ එක් අවුරුද්දක් තුළ වැඩිම ණයක් ලබා ගත් වර්ෂය ලෙස 2020 වර්ෂය ඉතිහාසගත වන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *