කොරෝනා එන්නත් මෙහෙ එද්දී 2021 මාර්තු, අප්‍රේල් වෙයි, දැන්ම විශ්වාසය තියන්න බෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් යළි නැගිටීම වැළැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට නිර්දේශ 4ක්

කොවිඩ් යළි නැගිටීම වැළැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට නිර්දේශ 4ක්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබුණත් මේ මොහොත වනවිටත් එම එන්නත් පිළිබඳව 100%ක විශ්වාසයක් තබා කටයුතු කළ හැකි වාතාවරණයක් නොමැති බවත් බොහෝවිට එම එන්නත් සාර්ථක වුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට 2021 මාර්තු හෝ අප්‍රේල් මාසය දක්වා කාලයක් ගතවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

“අපි මේ කතා කරන එන්නත සම්බන්ධයෙන් ගත්තාම ඒකාබද්ධ සමාගම් දෙකක් එකතුවෙලා කරන පර්යෙෂණයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ 90%ක සාර්ථකත්වයක් තියෙන එන්නතක් කියලා දැන් ලෝකෙ පුරා කතාබහට ලක්වෙන්නෙ. එතකොට ඒ එන්නත, ඒ සමාගම් කියනවා මේ මාසෙ අන්තිම විතර වෙනකොට හදිසි අනුමැතියක් සඳහා ඉදිරිපත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා.

ඒ හදිසි අනුමැතිය ලැබුණොත් එහෙම, අපි හිතමුකො දෙසැම්බර් මුල ලැබුණයි කියලා, ඊළඟට එන්නත නිෂ්පාදනය කරන්න ඕනෙ. එතකොට එන්නත් මාත්‍රා යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න මාස 3ක්ද මාස 6ක්ද යම් කාලයක් ගතවෙනවා. ඊළඟට බැරෑරුම් ප්‍රශ්නය තමයි මේ සීමිත ප්‍රමාණයක්නෙ මුලින් නිෂ්පාදන වෙන්නෙ, ඒ සීමිත ප්‍රමාණය සඳහා අසාමාන්‍ය තරගයක් ඇති වෙනවා. මෙතෙන්දි ලෝක සෞඛ්‍ය සංවිධානය හරියට මැදිහත් වුණේ නැත්නම් අපේ වගේ රටවල් වලට මේ එන්නත එන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.

දැන් මේ සමාගම කියන විදියට මේ අවුරුද්ද ඉවර වෙනකොට මුළු ලෝකෙටම හදන්න පුළුවන් එන්නත් මාත්‍රා මිලියන 50යි. ඒකෙන් මිලියන 30ක් මේ වෙනකොට එංගලන්තය ඇණවුම් කරලා. එතකොට මුළු ලෝකෙටම ඉතුරු වෙන්නෙ මිලියන 20යි. දැනට හෙළිදරව් වෙලා තියෙන තොරතුරු අනුව එන්නතේ මාත්‍රා දෙකක් දෙන්න ඕනෙ ආරක්ෂාව සඳහා, එක මාත්‍රාවකින් හරියන්නෙ නෑ. සති තුනක පරතරයක් තියලා මාත්‍රා දෙකක් දෙන්න ඕනෙ. දෙවැනි එන්නත දීලා සතියක් යනකොට 90%කට ආරක්ෂාව ලැබෙනවා කියලා තමා ඒ සමාගම මේ වෙනකොට කියලා තියෙන්නෙ. නමුත් අපි දන්නෙ නෑ ඒ ලැබෙන ආරක්ෂාව කොච්චර කල් ඇඟේ තියෙයිද කියලා. ඒක සමාගමටත් තාම හරියට කියන්න බැරි වෙලා තියෙනවා.

ඒනිසා තාම මේ එන්නත් ගැන 100%ක විශ්වාසයක් තබලා කටයුතු කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. ලබන අවුරුද්දෙ මාර්තු අප්‍රේල්වත් වෙයි මේ එන්නත සම්බන්ධ කටයුතු වෙනකොට. එතකල් ජනතාවට මේ දක්වා දුන්න උපදෙස් කිසිවක් අමතක නොකර ඉදිරියට යාම තමා කළ යුත්තේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *