යාපනයේ ඓතිහාසික දුරෙයප්පා ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට නියමිතය

දුරෙයප්පා ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට නියමිතය

දුරෙයප්පා ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට නියමිතය

යාපනයේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් සහිත දුරෙයප්පා ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අද උතුරු පළාතේ සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දුරෙයප්පා ක්‍රීඩාංගනය නිරීක්ෂණය සඳහා ද ගියේය. එහිදී, අමාත්‍යවරයා ක්‍රීඩාංගනයේ ව්‍යායාම්වල ද නිරත විය. දුරෙයියප්පා ක්‍රීඩාංගනයේ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය සියළු පහසුකම් ලබා දෙන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල පාපන්දු ලීග් තරඟ ආරම්භ කිරීමට නියමිත ය. යාපනයේදී ද එම තරඟ පැවැත්වීමේ දී මෙම ක්‍රීඩාංගනය වැදගත් වනු ඇත. ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථයක් සැකසීමට අප බලාපොරොත්තු වී සිටින්නෙමු. එය පිළිබඳව සාකච්ඡාවක නිරත වෙමින් සිටින්නෙමු. 2022 වර්ෂ තුල යෝජිත කෘතීම ධාවන පථය පිහිටවනු ඇත. මීට අමතරව, මෙහි ඇති අඩුපාඩු සියල්ල සපුරාන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *