රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂය පරිත්‍යාගයක්, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝන චෝදනා චන්න ජයසුමන ප්‍රතික්ෂේප කරයි

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000ක් ලැබී ඇති හෙයින් මේ වන තෙක් එම කට්ටල මිලදී ගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගෙන ඇති බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වන ටෙන්ඩර් ක්‍රියාවලිය තවමත් තාක්ෂණික කමිටු නිර්දේශ මට්ටමේ පවතින බවත් ටෙන්ඩරය දැඩි පාරදෘශ්‍යභාවයකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000 ක පමණ ප්‍රමාණයක් අද (09) අලුයම ලැබීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය කාර්යාලයේ කඩිනම් මැදිහත් වීම මත මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගය ලැබුණු බවත් දැනට කිසිදු මිලදී ගැනීමක් රජය මේ වනතෙක් සිදු කර නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරිමට රජය කැප වී කටයුතු කිරිම ඉවසා ගත නොහැකි පිරිස් සාවද්‍ය මත පළ කරන බව කියා සිටි ඒ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ ඇතැම් පුවත්ද සාවද්‍ය බව කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා කඩිනම් ඇන්ටිජන් පරීක්ෂාවක් මේ සඳහා යොදාගන්න පුළුවන් කියලා. දැනට එක ආයතනයක් පමණයි ලෝකයේ මෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඉතිං අප මැදිහත් වෙලා රටක් හැටියට ඒ තාක්ෂණය ඉක්මනින්ම යොදා ගැනීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපට පරිත්‍යාගයක් ලෙස ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල තොගය ඊයේ මෙරටට ලගා වුණා යැයිද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම PCR පරීක්ෂණයට වැඩිය සංවේදීකමේ යම් අඩුවක් මේ පරීක්ෂණයේ තිබෙන බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඉතාම අඩු කාලයක් ගතවීම හේතුවෙන් ලොව පුරා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල මේ වෙනකොට භාවිතයට ගෙන ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *