රජය තීන්දුව ගෙන දින දෙකකින් රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂ 2ක් ලංකාවට ආවේ කෙසේද?

රජය තීන්දුව ගෙන දින දෙකකින් රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂ 2ක් ලංකාවට ආවේ කෙසේද? දිලිත් ජයවීරගේ ‘කොරෝනා ගරානා‘ රැසක් එළියට

රජය තීන්දුව ගෙන දින දෙකකින් රැපිඩ් ටෙස්ට් කට්ටල ලක්ෂ 2ක් ලංකාවට ආවේ කෙසේද? දිලිත් ජයවීරගේ ‘කොරෝනා ගරානා‘ රැසක් එළියට

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක PCR පරීක්ෂණවලට අමතරව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සදුදා (02) තීන්දුව ගෙන දින දෙකක් ගතවිමට පෙර ඒ සදහා අවශ්‍ය ටෙස්ට් කිට්ස් කට්ටල ලක්ෂ 2ක් දෙරණ නාලිකාවේ දිලිත්ජ ජයවීරට අයත් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මෙරටට ආනයනය කිරීම හරහා බරපතල ගැටළු රැසක් මේ වනවිට නිර්මාණය කර තිබේ.

කැබිනට් තීරණය ගෙන ඒ සදහා ටෙන්ඩර් කැදවා අවශ්‍ය තීන්දු තීරණ ගෙන අදාල ටෙස්ට් කිට්ස් පැය 48ක් යාමටත් පෙර මෙරටට රැගෙන ඒම හරහා මෙම ගනුදෙනුව පිටුපස ඇති ගැටළු රැසක් මේ වනවිට අනාවරනයවේ. එහි බරපතලම කාරණය වන්නේ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගන්නා අවස්ථාව වනවිටද අදාල ටෙස්ට් කිට්ස් කොරියාවෙන් මෙරටට ආනයනය කිරීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම කටයුතු කර තිබු බව මේ අනුව පෙනී යයි.

මේ අතර මේ පිලිබදව අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ කොරෝනා පරීක්ෂණ සඳහා රජය විසින් හදිසියේ ගෙන්වූ ඇන්ටිජන් ටෙස්ට් කට්ටල වල ප්‍රමිතිය පරීක්ෂා කළේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ තොරතුරු රජය හෙළිදරව් කළයුතු බවයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය එකවර මේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය ගැන කතා කරන්න ගත්තා පහුගිය සුමානෙ ඉඳලා. මේ කාරණාව කියලා දවස් කීපයක් යන්න ඉස්සෙල්ලා අපට වාර්තා වෙනවා ආයතනයකින් මේ නිෂ්පාදන තොගයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා කියලා.

මෙන්න මෙතන අපට ගැටළුවක් තියෙනවා. එකවර කොහොමද තොගයක් එක සමාගමක් යටතේ ලංකාවට එන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණ ගන්නේ ව්‍යාපාරික වුවමනාවකට අනුවද, එහෙම නැත්නම් මේ රෝගය මර්දනය කිරීමේ සැබෑ තාක්ෂණික වුවමනාව මතද කියන කාරණාව තමයි අපි මෙහිදී මතු කරන්නෙ.

මේ සමාගම්වල නිෂ්පාදන සම්බන්ධයෙන් සලකා බැලුවෙ කවුද ? මේ නිෂ්පාදන නිවැරදිද, නැද්ද, තත්වයෙන් උසස්ද කියන තහවුරුව ලබාදුන්නෙ කොහෙන්ද ? ඒ සඳහා ඖෂධ තත්ව පාලන අධිකාරිය සාම්පල ගෙන්වීමට අවසර දුන්නේ කවදාද ? ඒ ගෙන්වන ලද සාම්පල තහවුරු කරන ලද්දේ මොන රසායනාගාරයේ මොන නිලධාරින් යටතේද ?

ප්‍රතික්‍රියක කට්ටල දින කිපයක් තුල ලංකාවට ගොඩබැහැලා තියෙනවා, ප්‍රතික්‍රියක කට්ටල දැන් ලෑස්තියි, හැබැයි අපි ලෑස්තිද ? නෑ. අපට තියෙන ප්‍රශ්නය තමයි පරීක්ෂණ කට්ටල ගෙන ඒමට තියෙන හදිස්සිය මේ පරීක්ෂණ කිරීමට නැත්තෙ ඇයි ?” යනුවෙන් රවී කුමුදේශ් මහතා ප්‍රශ්ණ කරයි.

මේ අනුව පෙනී යන්නේ සෞඛ්‍යමය අවශ්‍යතාවයකට වඩා යම් ව්‍යාපාරික අවශ්‍යතාවයක් මෙම ගනුදෙනු හරහා මතුවන බවයි. කොරෝනා ව්‍යසනය බොහෝ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වලට බරපතල බලපෑම්ක් එල්ල කලද දෙරණ නාලිකාවේ හිමිකරුවන දිලිත් ජයවීරට නම් එය ධන ඉල්ලමක් වී ඇති බව පෙනී යයි.

මේ අතර කොරියාවේ සිට මෙම ටෙස්ට් කිට්ස් ලක්ෂ දෙකක් මේ වනවිට ආනයනය කර ඇති අතර තවත් ටෙස්ට් කිට්ස් ලක්ෂ 08ක් රැගෙන ඒම සදහා ලබන සදුදා (09) විශේෂ ගුවන් යානයක් සෝල් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ.

– colomboxnews.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *