වතුකරයේ පැය 24ම ක්‍රියාත්මක එකදු රෝහලක්වත් නැහැ – වඩිවේල් සුරේෂ්

වතුකරයේ පැය 24ම ක්‍රියාත්මක එකදු රෝහලක්වත් නැහැ - වඩිවේල් සුරේෂ්

වතුකරයේ පැය 24ම ක්‍රියාත්මක එකදු රෝහලක්වත් නැහැ - වඩිවේල් සුරේෂ්

රටේ දැනට මතුවී ඇති කොරෝනා වසංගතය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට පසුව අධික ලෙස බලපෑමට ලක්වී ඇත්තේ වතුකරය බවත් මෙම හදිසි තත්වයේදී පවා පැය 24ම ක්‍රියාත්මක එකදු රෝහලක්වත් වතුකරයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසා ඇත.

කොළඹ රැකියාවල නියුතු තරුණ තරුණියන්ට තම නිවෙස්වලට යා නොහැකිව කොළඹ නැවතී සිටිය නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැරුණු විට බදුල්ල, පස්සර, ලුණුගල, හාලිඇල, ඌව පරණගම, මස්කෙළිය, හැටන් හා බොගවන්තලාව වැනි ප්‍රදේශවල සෞඛ්‍ය දුෂ්කරතා ද මතු වී ඇති බවත් පවසා සිටියේය.

ඔහු තවදුරටත් පවසමින්,

“මෙවැනි අසීරු තත්වයකදී පවා වතුකරයේ පැය 24ම ක්‍රියාත්මක එක් රෝහලක්වත් නැහැ. කොරෝනා වසංගතය අපිට දැඩි බලපෑමක් එල්ල කරලයි තියෙන්නේ. මේකෙන් ගැබිණි අම්මලා, වතුකර කම්කරුවන් යන හැමෝම මෙම ගැටලුවට මුහුණ දී තිබෙන අවස්ථාවක වතුකරයේ රෝහල් ප්‍රතිකාර කරන තත්වයේ නැහැ. අඩුම තරමේ බෙහෙත් ඉසින යන්ත්‍රයක්වත් නැහැ. ඒ වගේම මහජනතාව දැනුවත් කිරීම්, දෙමළ බසින් සේවය ලබා දිය හැකි සෞඛ්‍ය නිලධාරීන් නැති තත්වයකුත් උද්ගතව තියෙනවා.”

“වතුකරයේ කම්කරුවන්ට දීපාවලි අත්තිකාරම් දීමනා ලෙස රුපියල් 15000ක් ලබා දිය යුතු බව අපි ඉල්ලා සිටියා. දැන් ඒකත් ප්‍රතික්ෂේප වෙලා. පරිපාලකයින් හිතුමතේ ක්‍රියා කරනවා. කොරෝනාව නිසා බලපෑමට ලක්වූවන්ට සහනාධාර මුදල් සහ බඩු මලු ලබා දෙන බව රජය මාධ්‍ය හරහා ප්‍රචාරය කළත් වතුකරයේ ජනතාවට ඒවා ලබා දුන්නේ නෑ. අනෙක් දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දෙන එවැනි සහන පවා වතුකරයේ ජනතාවට ලැබෙන්නේ නෑ. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන වතුකරයේ ජනතාවට රජය සිය පූර්ණ දායකත්වය ලබා දිය යුතුයි. වතුකරයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගත යුතුයි” බව ඔහු පවසා සිටියේය.

– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *