Type to search

අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි – කොරෝනා නිසා නැගෙන දුක්ගැනවිලි

Share

“බෝඩිම්වල ඉන්න අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි.”

“කඩ වහලා. කන්න දෙයක් ගන්න විදියක් නෑ. එළියට බහින්නත් බෑ.”

“පාරේ බඩු අරන් ගියත් ගන්න අතේ සතේ නෑ.”

“අතේ සල්ලිත් තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ.”

මේ නිරෝධායන ඇඳිරි නීතිය නිසා පුද්ගලික නේවාසිකාගාර තුළ කොටුවී සිටින පිරිසක් බීබීසී සිංහල සේවය වෙත පැවසූ දුක්ගැනවිලින් කිහිපයකි.

කොළඹ සහ කටුනායක වැනි ප්‍රදේශ ආශ්‍රිතව විශාල පිරිසක් නේවාසික පහසුකම් ලබා ගෙන ‘බෝඩින් ජිවිත’ ගෙවති. ඉන් බොහෝ දෙනෙකු ඇඳිරි නීතිය පැනවීමට පෙර සිය ගම්බිම් බලා පිටව ගියද තවත් සැලකිය යුතු පිරිසක් මේ දක්වා ඒවායේ රැඳී සිටිති.

බෝඩිම්වල කඳුළු කතා

කොරෝනා වෛරසය: "අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි"

කොරෝනා වෛරසය: “අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි”

“මම බෝඩිමේ උයාගෙන කන්නේ. එළවලු නම් මුකුත්ම නෑ. පොල් නෑ. ඔන් ලයින් ඕඩර් කරන්න හරි සුපර් මාකට්වල බැලුවා, ඒවයෙත් එළවලු, අල, ළුණු නෑ. ගියපාර අත්දැකීමත් එක්ක පොඩි සුදානමක් තිබුණා. ඒත් හිතුවේ නෑ මෙච්චර කඩ වහයි කියලා” යනුවෙන් නාවින්න ප්‍රදේශයේ නේවාසික ස්ථානයක දිවි ගෙවන නදීෂා නාරංගොඩ පැවසුවාය.

හෝටල් සහ වෙළඳසැල් වසා දැමීම නිසා ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනීමට මෙන්ම ජංගම දුරකථන කාඩ්පත් ආදිය මිළදී ගැනීමට ද අසීරු වී තිබේ.

“මම ගෙදර ගෙනියන්න කියලා තියාගෙන හිටපු චොක්ලට් එකක් තමයි පළවෙනි දවසේ උදේට කෑවේ. දවල්ට ඉතුරු වෙලා තිබුණු බිස්කට් එකක් කාලා හිටියා. රෑ තමයි මගේ යාලුවෝ දෙන්නෙක් කෑමත් අරං ආවේ. අතේ සල්ලි තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ,” යනුවෙන් කොළඹ පිටකෝට්ටේ ප්‍රදේශයේ නේවාසික ස්ථානයක දිවි ගෙවන සමීර වීරකෝන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

අත්‍යවශය ද්‍රව්‍ය නිවසටම සැපයීමේ ක්‍රමවේදයක්

කොරෝනා වෛරසය: "අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි"

කොරෝනා වෛරසය: “අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි”

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොවැම්බර් 02 දින බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත් වුණි. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙතම ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන අතර පවතින තත්ත්වය මත යළි වෙළඳසැල් විවෘත කිරීමේ අදහසක් නොමැති බවය.

නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000 ක් වටිනා බඩු මල්ලක් ලබා දීමට හා එය නොලැබෙන සුදුසුකම් ලද අයට රුපියල් 5,000 ක දීමනාව ලබා දීමටත් රජය පියවර ගෙන ඇත. දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු හරහා එම කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

“බෝඩිම්වල ඉන්න මෑන් පවර් සේවකයන් ගැන බලන්න කෙනෙක් නෑ”

කොරෝනා වෛරසය: "අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි"

කොරෝනා වෛරසය: “අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි”

කටුනායක වෙළඳ කලාපය අවට නේවාසිකාගාර තුළ පවුල් වශයෙන් දිවි ගෙවන විශාල පිරිසක් සිටිති. ඒ අතර නිරෝධායනයට ලක් නොවන එහෙත් වසංගත තත්ත්වය මත රැකියාව අහිමි වූ සැලකිය යුතු පිරිසක් වෙති. ‘මෑන් පවර්’ සේවකයෝ බොහෝ දෙනෙකු ද ඒ අතර සිටිති.

“මෑන් පවර් වැඩ කරපු කාටවත් රස්සාවල් නෑ. බෝඩින් කුලී ගෙවා ගන්න විදියක් නෑ. ණයට ගත්ත කඩෙන් බඩු දෙන්නේ නෑ. මේ අයට 5,000ත් නෑ. මෙතන බෝඩින්ම තියෙනවනේ දෙදහකට කිට්ටු වෙන්න. PCR නෙගටිව් වුණත් බෝඩින්වල අය බය වෙලා සමහරුන්ට යන්න කියනවා.” යනුවෙන් ඩාබිදු සමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරක චමිලා තුෂාරී පැවසුවාය.

“මෑන් පවර් සේවකයන්ට හම්පුතෙක් නැති නිසා හුගක් අසරණ වෙලා. අඬ අඬා කෝල් කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්” යනුවෙන් ඇය වැඩිදුරත් සඳහන් කළාය.

PCR පරීක්ෂණය භයානක ද?

කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?

“හාල්, සීනි, තේ කුඩු පරිප්පු අපිට ලැබුණා. අදත් පරිප්පුයි බතුයි. ඊයෙත් පරිප්පුයි බතුයි. උයන ජාති මුකුත් නෑ ඉතිං. අපිට එළියට බහින්න විදියක් නෑ.” යනුවෙන් කටුනායක නේවාසිකාගාර ස්ථානයක දිවි ගෙවන තන්ගවේල් මලර් බීබීසී සිංහල සේවයට පැවසුවාය. ඇය සිය සැමියා සහ දරු දෙදෙනා සමග කටුනායක ‘බෝඩිම් දිවියක්’ ගත කරන්නීය. ඔවුන් දිවි ගෙවන ස්ථානය ආසන්නයේ තවත් පවුල් 23 ක් සිටින අතර ඇතැමුන් කොරෝනා ආසාදිතයන් වීම නිසා තම පවුලේ සාමාජිකයන් ද ලබන 12 වෙනිදා දක්වා ස්වයං නිරෝධායනයට ලක්වන බව ඇය සඳහන් කළාය.

කොරෝනා වෛරසය: "අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි"

කොරෝනා වෛරසය: “අපි අනාථයි. මේ දවස් ටිකේම පරිප්පුයි බතුයි. අදින් පස්සේ ඒකත් ඉවරයි”

නොවැම්බර් 02 වෙනිදා අලුයම 05:00 ට ඉවත් කරන බව පවසමින් ඔක්තෝබර් 30 වෙනිදා සිට දින තුනක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව රජය කල්තියා නිවේදනය කරන ලදී. දින තුනකින් එම ඇඳිරි නීතිය ඉවත් කරන අතර අනවශ්‍ය ලෙස ආහාර රැස් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද බලධාරීන් මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුම් දෙන ලදී.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය නොවැම්බර් 09 වෙනිදා දක්වා දීර්ඝ කිරීමත් සමග භාණ්ඩ එක්රැස් කර ගෙන නොතිබූ සහ ආහාර මිලට ගෙන නේවාසිකාගාරවල දිවි ගෙවන බොහෝ දෙනෙකු වැඩි වශයෙන් පීඩා විඳින බව වාර්තා විය.

බස්නාහිර පළාත තුළ මෙන්ම ඇහැලියගොඩ සහ කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවලවල ද කුරුණෑගල නගර සභා බල සීමාව තුළ ද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. එමෙන්ම ගිරිඋල්ල, හෙම්මාවතගම, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කර ඇත.

බස්නාහිර පවුල් 11,914ක් නිරෝධායනයට

බස්නාහිර පළාත තුළ පමණක් පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පවුල් 5,715 නිරෝධායනයට ලක් කර තිබේ. ස්වයං නිරෝධායනයට ලක් කර ඇති දෙවෙනි හා තෙවෙනි පෙල ආශ්‍රිතයන්ගේ පවුල් සංඛ්‍යාව 6,199කි.

ස්වයං නිරෝධායනය ඔවුන් නිසි ලෙස ඉටු කරන්නේ ද, ඔවුන් නිවෙස් තුළම රැඳී සිටින්නේද යන්න සහ ඔවුන්ගේ අවශ්‍යතා හා අනෙකුත් යටිතල පහසුකම් අධීක්ෂණය සඳහා සහකාර පොලිස් අධිකාරිවරු 14 දෙනෙකු පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසීය.

ඔක්තෝම්බර් 4 වෙනිදා සිට නොවැම්බර් 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ නීති උල්ලංඝනය කළ 2,193 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 338 කි.

– bbc news

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *