ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරියගේ ICC තහනම අවසන්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරියගේ ICC තහනම අවසන්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරියගේ ICC තහනම අවසන්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා තිබූ ක්‍රිකට් තහනම් කාල සීමාව මෙම මස (3)වන දින අවසන් වු අතර, එම කවුන්සිලය විසින් නිල වශයෙන් නිවේදනයක් ද නිකුත් කරමින් ඔහුගේ තහනම ඉවත් කළ බව නිවේදනය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සනත් ජයසූරිය හට දෙවසරකට ක්‍රිකට් සම්බන්ධ කිසිදු කාරණයකට සහභාගී නොවිය යුතුය යන පදනම මත තහනමක් පනවා තිබුණි.

මෙම තහනම ඉවත් කර ඇති බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරය සහ පුහුණු කිරීම් ඇතුළු ක්‍රිකට් සම්බන්ධ කටයුතු වල යෙදීමට සනත් ජයසූරියට හැකිවනු ඇත.

දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ සඳහා සනත් ජයසූරිය සහයෝගය නොදැක්වීම හේතුවෙන් මෙම තහනම පැනවීම සැලකිය යුතු කරුණකි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *