රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කොරෝනා මැඩලිමේ තාක්ෂණික කමිටුවලින් ඉවත් වේ?


සෞඛ්‍ය සේවය ලබන සතියේ සිට කඩාවැටීමේ බරපතළ අවදානමක - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
තම සංගමය විසින් දිගින් දිගටම අවධාරණය කළ අහඹු PCR පරීක්ෂණ වැඩිකරීම සහ රට පුරා මතුවන කොරෝනා රෝගීන් GPS මගින් වගුගත කිරීම වැනි තාක්ෂණික කාරණ දිගින් දිගටම ආණ්ඩුව විසින් නොසලකා හරින තත්වයක් තුළ තව දුරටත් සිය සංගමය කොරෝනා මැඩලීමේ තාක්ෂණ කමිටු තුළ ක්‍රියාත්මක විම ඵල රහිත බව හැඟී ගොස් ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
ඊයේ (04) උදැසන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් ඉදිරි දින කිහිපය තුළ තම යෝජනා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර අනුව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කොරෝනා මැඩලිමේ තාක්ෂණ කමිටු තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙනවාද නැද්ද තීරණය කරන බවයි.