ශ්‍රී ලංකාවටම ආවේණිකවූ දුර්ලභ ගණයේ සත්වයෙක් වන්නි කැලයෙන් සොයා ගැනේ!

ශ්‍රී ලංකාවටම ආවේණිකවූ දුර්ලභ ගණයේ සත්වයෙක් වන්නි කැලයෙන් සොයා ගැනේ!
ශ්‍රී ලංකාවටම ආවේණිකවූ ‘ටැසියා හොලියානස්’ නම් වූ ජීව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුර්ලභ ගණයේ ජීවියෙක් වන්නි ඕමන්තේ වනාන්තරයෙන් සොයාගෙන ඇත.
බොහෝ විට ගස්වලම ජීවත් වන මෙම දුර්ලභ සත්වයා මීට පෙර බටහිර කඳුපන්තියේද දක්නට ලැබූ බව සැලකේ. නමුත් එහි දක්නට ලැබූ මෙවැනි සත්ව විශේෂයන් වර්ග කොට කළ පර්යේෂණවලදී මෙම සත්ව විශේෂය ශ්‍රී ලංකාවටම ආවේණික සත්වයෙක් බව තහවුරු වී ඇත.

සාමාන්‍යයෙන් සෙ.මී. 8 ක් පමණ දිග මෙම අද්විතීය සත්වයා අනෙක් සියලූම සහෝදර සත්ව විශේෂයන්ට වඩා වෙනස්වේ.ශරීරයේ මැද කොටසෙහි (22-24) අඩු ගණනකින් යුත් පේළි සහ පුළුල් කශේරුකා පේළි කොරපොතුද දක්නට ලැබේ.
මෙම සත්ව විශේෂය පල්ලේගම, දඹුල්ල, පොළොන්නරුව, බකමූණ, හොරණ, අනුරාධපුරය, ගම්පහ සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්කවල ශුෂ්ක කලාපයේ කලාතුරකින් දක්නට ලැබේ.
එමෙන්ම 1970 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළි දැක්වූ රුපියල් 2 නෝට්ටුවේ පිටුපස මෙම සතා දක්නට ලැබෙන බව සඳහන් කළ යුතුයි.

-තමිළ්වින්