මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලන හිමිකරුවන්…

2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

වෙළඳාම පහත වැටීම හේතුවෙන් මත්පැන් අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට අනුමැතිය ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ඉංග්‍රීසි ජන මාධ්‍යයකට මේ බව ප්‍රකාශ කළේය. බස්නාහිර පළාතේ දින තුනක ඇඳිරි නීතිය පැනවීමට පෙර කාලවකවානුවක මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

මෙම කාල සීමාවේ මත්පැන් අලෙවිය පහත වැටී ඇති බවත්, තවද තමන් එයින් පාඩු ලබන බවත්, මත්පැන් අලෙවිසැල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බව කුමාරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

කෙසේවුවත්, මත්පැන් ව්‍යාපාරය පහත වැටීමට නීති විරෝධී මත්පැන් විකිණීම හේතු විය හැකි බවට තමා සැක කරන බවද කුමාරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිසැල් අනුමැතියකින් තොරව වැසීම නීති විරෝධී බවට ද ඔහු අදහස් දැක්වීය. මේ හේතුවෙන් සීමිත මත්පැන් අලෙවිසැල් ප්‍රමාණයක් සදාකාලිකවම වසා දැමීමටද සිදු විය හැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *