සිංහරාජ හරහා කපන මාර්ගය ගැන ‘යුනෙස්කෝ’ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි

සිංහරාජ හරහා කපන මාර්ගය ගැන 'යුනෙස්කෝ'ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි

සිංහරාජ හරහා කපන මාර්ගය ගැන 'යුනෙස්කෝ'ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි

“ලෝක උරුම දේපලක්” වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම
පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන පැරිසියේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය, එය එම රක්ෂිතයේ විශ්වීය වටිනාකමට (Outstanding Universal Value (OUV)) අහිතකර ලෙස බලපානු ඇතැයි සදහන් කරයි.

මාර්ග සංවර්ධනය තාවකාලිකව අත්හිටුවන ලද නමුත් වන නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව වැඩ නැවත ආරම්භ වී ඇති බව පෙනේ යැයි ද එය සඳහන් කරයි.

නිරිතදිග ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සිංහරාජය යනු මෙරට ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල අවසාන ශක්‍ය ප්‍රදේශය බවත් එහි වෘක්ෂලතාදියෙන් 60% කට වඩා එයටම ආවේණික වන අතර බොහෝ ඒවා දුර්ලභ යැයි සැලකෙන බවද යුනෙස්කෝව සදහන් කරයි.

ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායින් හා සමනලුන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම රක්ෂිතයේ වාසය කරන බවද එම ලිපියේ සදහන් වේ.

එම ලිපිය ලෝක සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ 1972 සම්මුතියට ( ලෝක උරුම සම්මුතිය) අත්සන් කළ සෑම රාජ්‍ය පාර්ශවයක්ම සතුව “හඳුනා ගැනීම, ආරක්ෂාව, සංරක්ෂණය, ඉදිරිපත් කිරීම සහතික කිරීමේ යුතුකම” ඇති බව ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රි ලංකාවට සිහිපත් කරයි.

ලෝක උරුම මධ්‍යස්ථානය විසින් සිය නීති රීතිවලට අනුව තමන් වෙත ලැබුණු තොරතුරුහි සත්‍ය අසත්‍යබව තහවුරු කර ගැනීම සඳහා ස්ථිර යුනෙස්කෝ නියෝජිත කණ්ඩායම වෙත වෙත යවා ඇති නමුත් මේතාක් එය විසින් පිළිතුරක් ලබා දී නැත.

ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුනෙස්කෝ බලධාරීනගෙන් තවමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටී.

ලෝක උරුම එකඟතාවයන්ට අනුව ලෝක උරුම දේපලක් තුළ හෝ ඒ අවට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් (ඊ.අයි.ඒ), උරුම බලපෑම් තක්සේරු කිරීම් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු කිරීම් සිදු කළ යුතු බව ද එම ලිපිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද එවැනි පාරිසරික ඇගයීම් කිසියම් ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ලෝක උරුම කමිටුවේ උපදේශක මණ්ඩලයක් වන “සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ” අධික්ෂනය පිනිස වහාම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ලෝක උරුම කමිටුව ඉල්ලා තිබේ.

“සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය”යනු ස්වාභාවික ලෝකයේ තත්වය සහ එය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳ ගෝලීය අධිකාරියයි.

සිංහරාජ හරහා කපන මාර්ගය ගැන 'යුනෙස්කෝ'ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි
සිංහරාජ හරහා කපන මාර්ගය ගැන ‘යුනෙස්කෝ’ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි

මානව වර්ගයාගේ පොහොසත් පොදු උරුමය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ අපගේ ජනවරමට අනුකූලව යුනෙස්කෝව මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට සූදානම්ව සිටින බව එම ලිපිය අවසන් වශයෙන් සඳහන් කරයි.

විවෘත ලිපිය සඳහා පහත දිගුව භාවිතා කරන්න

Open Letter regarding the state of conservation of the World Heritage Property “Sinharaja Forest Reserve” (Sri Lanka)

(srilankabrief.org)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *