මහින්ද රාජපක්ෂ සමඟ රහසිගත ගිවිසුමක් ඇති කර ගත් අය පිළිබඳව වජිර තොරතුරු හෙළි කරයි…

එ.ජා.ප යේ 75 වන සංවත්සර උත්සවය, තනතුර අත්හැරීමට රනිල් සූදානම් නැත

එ.ජා.ප යේ 75 වන සංවත්සර උත්සවය, තනතුර අත්හැරීමට රනිල් සූදානම් නැත

එක්සත් ජාතික පක්ෂයට මහින්ද රාජපක්ෂ සමඟ රහසිගත ගිවිසුමක් ඇති බව පසුගිය කාලයේ ඇතැම් පාර්ශව චෝදනා කළහ.

එසේ වුවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත් ඔසවා ඇති අය දෙස බලන විට සත්‍ය වශයෙන්ම කවුරු කවුරුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන ඇත්තේද යන කරුණ හෙළි දරව් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතෙහි බදාදා දින (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු තව දුරටත් පැවසුවේ :

පසු කාලවලදී එක්සත් ජාතික පක්ෂයටත් මහින්ද රාජපක්ෂ සමඟ රහසිගත ගිවිසුමක් ඇති බව සමහර පාර්ශවයන් චෝදනා කළහ. එසේ වුවත් වර්තමානයේදී කවුරු කවුරුන් සමඟ ගිවිසුම්ගතව සිටී ද යන්න හෙළි දරව් වී තිබේ. එක්සත් ජාතික පාක්ෂිකයින් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු පක්ෂයෙන් වෙන් වී ගිය පාර්ශවය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව කටයුතු කළේ නැත.

කෙසේ වෙතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෙනෙකු අළුතින් ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත් වුවත්, පැවති ආණ්ඩුව සමඟම දිගටම වැඩ කටයුතු කරගෙන යා හැකිය. නමුත් එය කළ නොහැකි තත්ත්වයක් මෙම පාර්ශවයම ඇති කළහ.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ගිය පාර්ශවයන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිතා බැලිය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *