කඩුවෙල කොරෝනා ආසාදිතයෙක් දින 04ක් නිවසේම තියලා – කුඩා දරුවන් තිදෙනෙකු සහ වකුගඩු රෝගී වැඩිහිටියෙකු එම නිවසේම(Video)

ආණ්ඩුවේ කොවිඩ් ආසාදිතයින් අඩු කිරීමේ අලුත් ක්‍රමය

ආණ්ඩුවේ කොවිඩ් ආසාදිතයින් අඩු කිරීමේ අලුත් ක්‍රමය

කඩුවෙල ඉහළ බෝමිරිය කිරිපට්ටිය පාරේ නිවසක මීට දින හතරකට පෙර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් තැනැත්තෙකු ඊයේ (30) පස්වරුව වන තෙක් දින 04ක් පුරා රෝහලකට රැගෙන නොයා නිවසේම තබා සිට ඇති බව වාර්තා වේ.

එම නිවසේ කුඩා දරුවන් තිදෙනෙකු සහ වකුගඩු රෝගයෙන් පෙළෙන වැඩිහිටි තැනැත්තෙකු ඇතුළු පිරිසක් වාසය කරන අතර ආසාදිතයා ගත වූ දින කිහිපය තුළ නිවසින් පිටත පුටුවක රැඳී සිට ඇතැයි වාර්තා වේ.

“අද උදේ කථා කරලා කිව්වා එයාලා වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ කියලා. තාම ඇඳන්වල ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කිව්වා. දැන් පොසිටිව් වෙලා දවස් හතරක්. එහා පැත්තේ ඉන්නවා එළියේ. එළියේ පුටුවක් උඩට වෙලා ඉන්නවා. වෙන ඉන්න තැනක් නැහැනේ. රෑට මෙතෙන බිම නිදියනවා. PHI කිව්වා මහත්තයා ගෙනිච්චාම එයාලට කියන්න එතකොට ඇවිල්ලා ගෙදර විෂබීජහරණය කරන්නම් කියලා.” යැයි එම ආසාදිත පුද්ගලයාගේ බිරිඳ සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ විශාල රෝගීන් සංඛ්‍යාවක් හුවමාරු වන බැවින් ඇතැම් ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි.

“පළමුවැනි දේ තමයි රෝගියෙක් හැකි ඉක්මනින් අවශ්‍ය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට අපි කටයුතු කරනවා. නමුත් ඒකට වාහනයක් ඕනේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ පිරිමි වාට්ටුවක් ද ගැහැණු වාට්ටුවක් ද හිස් වෙන්න ඕනේ. අන්න එවාත් තෝරා ගෙන එතැනට ගෙනියන්න වෙනවා හැකි ඉක්මනින්. නමුත් මේ වෙලාවේ විශාල රෝගීන් ප්‍රමාණයක් එහාට මෙහාට ගෙනියනකොට පොඩි ප්‍රමාදයක් තියෙනවා. දවස් ගනන් තියා ගන්න කොහෙත්ම බලාපොරොත්තුවක් නැහැ. ඒ කාලසීමාව තුළ රෝගීයාවත් ආරක්ෂා කර ගනිමින් අපිත් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් නම් එක තමා වැදගත් වෙන්නේ.“

කෙසේ වෙතත් දින 4කට පසු ඊයේ පස්වරුවේ එම රෝගීයා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *