පාප්වහන්සේ LGBT විවාහ සමානාත්මතාවයට සහාය දක්වන්නේ නැහැ – වතිකානුව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමරිසි යුවලවලට සිවිල් එකතුවීම්වලට (civil union) සහය පළ කර ලබා දුන් සම්මුඛ සාකච්ඡාව පසුගිය සතියේ සිට සිරස්තල මවන අතර, සත්‍ය වශයෙන් ම පාප් වහන්සේ විවාහ සමානාත්මතාවට සහය පළ නො කරන බව වතිකානුව කියා සිටියි.

සම්මුඛ සාකච්ඡාවේ දී එතුමා “සමරිසි විවාහ පිළිබඳ කතා කිරීම පරස්පර විරෝධයක්” යැයි කියන අවස්ථාවක් ද වතිකානුව විසින් නිකුත් කර තිබෙන්නේ පාප් වහන්සේ සමරිසි අයිතිවාසිකම්වලට සහාය පළ කරන්නේ ය යනුවෙන් මෑතකදී සිට පළවූ මතය ට දැඩි පහරක් එල්ල කරමිනි.

‘ෆ්‍රැන්සෙස්කෝ‘ නම් වූ එම වාර්තා චිත්‍රපටයේ, “සමරිසි පුද්ගලයන්ට පවුලක කොටසක් වන්නට අයිතිය ඇතැ”යි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියි. තවදුරටත්, “ඔවුන් ද දෙවියන් ගේ දරුවන්. ඔවුන්ට පවුලකට අයිතිය තිබෙනවා. කවුරුන් හෝ (පවුලකින්) ඉවත් කළ යුතු හෝ දුක්ඛිත තත්ත්වයකට පත් කළ යුතු නැහැ” යයි ද පවසයි.

“අප කළ යුත්තේ සිවිල් එක්වීම සම්බන්ධ නීති සම්පාදනය කිරීම යි. ඒ අනුව ඔවුන් නීතිමය වශයෙන් ආවරණය වනවා. මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා,” එතුමා පවසයි.

කතෝලික ප්‍රවෘත්ති සේවාවකට අනුව, මේ උදෘත ෆ්‍රැන්සිස්කෝ චිත්‍රපටය නිර්මාණය කළ ඉයුජිනි ඇෆිනීව්ස්කි සමග කළ සාකච්ඡාවේ දී ලබා දුන්නක් නො වේ; එය 2019 වසරේ දී වතිකානුව විසින් පටිගත කරන ලද, මෙක්සිකානු මාධ්‍යවේදී වැලන්ටිනා ඇලස්‍රාකි සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව දී කියන ලද්දකි. ඇෆිනීව්ස්කි කර ඇත්තේ එම සාකච්ඡාවේ කොටස් ගෙන එකට පිරිද්දිමකි.

ස්පාඤ්ඤ බසින් කරන ලද ඇලස්‍රාකි සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී පාප් වහන්සේ කියූ තවත් දේ වතිකානුව විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, “මා සැමවිට ම ධර්මය වෙනුවෙන් පෙනී සිටිනවා. සමරිසි විවාහය පිළිබඳ තත්ත්වය කුතුහලය දනවනවා – සමරිසි විවාහ පිළිබද කතා කිරීම පරස්පර විරෝධී බවක්. එහෙත් අප නිර්මාණය කළ යුත්තේ සිවිල් එකතුව සම්බන්ධ නීතියක්; ඒ අනුව එය නීතිමය වශයෙන් ආවරණය වනවා. මා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්,” යැයි එතුමා කියා තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එතුමා “එක්ව ජීවත්වීම සම්බන්ධ සිවිල් නීතියකට” සහය දක්වන බව කියා තිබේ. මේවා ගෘහස්ථ සහකාරීත්ව (domestic partnerships) සහ සිවිල් එක්වීම් ලෙස සාමාන්‍යයෙන් සලකන අතර නීතියේදී මෙම තත්වය හඳුන්වන්නේ ‘සිවිල් සමවාය‘ යනුවෙනි. නමුත් මේවාට හැමවිටම විවාහයට සාපේක්ෂව තිබෙන්නේ අඩු අයිතිවාසිකම් ය. පාප් වහන්සේ “එක්ව ජීවත්වීම” පිළිබඳ පවසන විට ඊට දරුවන් කුලවද්දා ගැනීම (දරුවන් හදා ගැනීම)ට අදාළ නීතින් පිළිබද නොසිතූ බව ද ගම්‍ය වේ.

වතිකානුවට අනුව පුද්ගලයන්ට පවුලක කොටසක් වීමට ඇති අයිතිය පිළිබඳ පාප් වහන්සේ ගේ ප්‍රකාශවලින් එතුමා අදහස් කර ඇත්තේ LGBTQ ප්‍රජාවේ දරුවන් ඔවුන් ගේ දෙමව්පියන් හා ඇති සම්බන්ධය පිළිබද ව ය.

Source: Pope Francis doesn’t support LGBTQ families after all according to newly released quotes

– ඉසුරිනී මල්ලවආරච්චි – අවුට්බවුන්ඩ්ටුඩේ –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *