(Video) MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි..

MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි..

MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි..

එම් සී සී ගිවිසුම ගැන අවසන් තීරණ ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු බව මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන තීරණය කුමක් වුවද දෙරට අතර සබඳතාවය නොවෙනස්ව එලෙසම පවතින බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මෙරට නිල සංචාරයේදී රැදී සිටි කෙටි කාලය ඇතුළත දෙරණ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම්සීසී යෝජනාව ශ්‍රී ලංකාවට ඇමරිකාව විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකක් පමණක් බවද සඳහන් කරන ඔහු එය නොගැලපෙන්නේ යයි ශ්‍රී ලංකාව සිතන්නේ නම් එය පිළිනොගෙන සිටීමට තීරණය කරනු ඇතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සමගම ඇමරිකානු සබඳතාවයේ ශක්තිය ගැඹුර සංකීර්ණත්වය එක් ගණුදෙනුවකට එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක් ඇයි ද ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *