ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් – ඇමැති නාමල් රාජපක්ෂ

ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් - ඇමැති නාමල් රාජපක්ෂ

ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් - ඇමැති නාමල් රාජපක්ෂ

ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් රට පුරා ඉදි කිරීම ඉලක්කය බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන ඉදි කිරීමේ පළමු අදියර (27) දින අනුරාධපුරයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. මෙහිදී අනුරාධපුර නුවර වැව අසල පිහිටි ශරීර සුවතා මංතිරුව හා කුම්ඹිච්චන් කුලම වැව අසල පිහිටි සිසිළ උයන මධ්‍යස්ථානයේ අවශ්‍ය පහසුකම් නැංවීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද ඇමැතිවරයා එක් විය. ‍ඒ අනුව එම ස්ථාන ශරීරික ව්‍යායාම සිදු කළ හැකි අයුරින් පහසුකම් සහිතව දියුණු කිරීමට ගත යුතු පියවර පිළිබඳ නිලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විණි.

ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් - ඇමැති නාමල් රාජපක්ෂ
ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් – ඇමැති නාමල් රාජපක්ෂ

එහිදි අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

“රජය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෙනයන සංවර්ධන කටයුතු පිළිබඳ නිලධාරින් හා ජනතාව සමඟ සාකච්ඡා කිරීමත් ඉදිරි කාලසීමාව තුළ දිස්ත්‍රික්කයේ සිදු කරන සංවර්ධන වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කරන ආකාරය කෙසේද යන්න සාකච්ඡා කිරීමත් මේ සංචාරයේදී බලාපොරොත්තු වෙනවා. අප ක්‍රීඩාව දියුණු කරන්න යන ගමනේදී අනුරාධපුරය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩාව හා මානසික සුවය ශරීර සෞඛය වර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න විශාල උනන්දුවක් තිබිම පිළිබඳව විශේෂයෙන් සතුටු වෙනවා.”“අප එළිමහන් ශාරිරික සුවතා මධ්‍යස්ථාන ඉදි කිරීමේ පළමු අදියර අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. ඒ අනුව අනුරාධපුර අවට ඊළඟ සති කිහිපය ඇතුළත එවැනි මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය තමයි ඊළග වසර 5 තුළ මෙවැනි මධ්‍යස්ථාන 1000ක් ස්ථාපනය කිරීම. එයින් අපි බලාපොරොත්තු වන්නේ වෙනදා ගොඩනැගිලි ඇතුළත සාදන ශාරීරික සුවතා මධ්‍යස්ථාන නෙවෙයි. විශේෂයෙන් කොරෝනා වසංගතයත් සමඟ ජනතාවට ජීවත් වන ක්‍රමවේදයන් පිළිබඳ වෙනසක් ඇති කර ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා ක්‍රීඩාව දෙස බලන ආකාරයත් වෙනස් විය යුතුයි. අපේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන වෙනදාට වඩා අවධානය යොමු කළ යුතුයි. ව්‍යායාම කරන ආකාරය පිළිබඳ අලුත් වෙනසකට අප යා යුතුව තිබෙන හෙයින් එය හඳුනා ගනිමින් එළිමහනේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වතාවරණය සකස් කරගෙන යනවා.” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

ඉදිරි වසර පහ ඇතුළත ලංකාවේ අවම වශයෙන් සමස්ත ජනගහණයෙන්, සමස්ත තරුණ ප්‍රජාවෙන් අඩුම තරමින් අඩක් ක්‍රියාශිලි පිරිසක්, ක්‍රියාශිලි තරුණයන් බවට පත් කිරීමත් රටේ තරුණ පිරිසෙන් මිලියන හයක් අවම වශයෙන් ක්‍රියාශිලි කුමක් හෝ ක්‍රීඩාවක නිරත වන තරුණයන් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයක් ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර, නීරෝගී පරපුරක් බිහි කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක මේ වැඩසටහන මඟින් ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ශරීර සුවතා මධ්‍යස්ථාන ඉදිරි කිරීමට නියමිතය.

මේ ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් කරයි. මේ අවස්ථාව සංකේතවත් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශරීර සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් පිරිනැමීම රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා විසින් උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් - ඇමැති නාමල් රාජපක්ෂ
ඉදිරි වසර පහ තුළ එළිමහන් ශාරීරික සුවතා මධ්‍යස්ථාන 1000ක් – ඇමැති නාමල් රාජපක්ෂ

මේ අවස්ථාවන් සඳහා සමෘද්ධි කටයුතු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ හා නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *