හමුදාපති ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු ගමන් තහනම ඉවත් කිරීමට පොම්පෙයෝ සමඟ සාකච්ඡා කරන්න – සජිත්

හමුදාපති ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු ගමන් තහනම ඉවත් කිරීමට පොම්පෙයෝ සමඟ සාකච්ඡා කරන්න - සජිත්

හමුදාපති ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු ගමන් තහනම ඉවත් කිරීමට පොම්පෙයෝ සමඟ සාකච්ඡා කරන්න - සජිත්

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ගමන් තහනම ඉවත් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඔක්තෝබර් 28 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට නියමිත අතර මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට නියමිත බැවින් එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර එම විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීමට ක්‍රියා කරන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා එකී ගමන් තහනම ශවේන්ද්‍ර සිල්වා මහතාට පැනවුණේ පසුගිය යහපාලනයේ වැරදි නිසා බව කියමින් සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළේය.

ඊට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශවේන්ද්‍ර සිල්වා මහතාට හමුදාපති ධුරය ලබාදීම සඳහා තීරණාත්මක මැදිහත්වීම කළේ තමන් විසින් බවත් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන්ම අසා දැනගන්නා ලෙසත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *