ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒකාධිපතිවාදී ආරම්භයක් වගේම, ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භයත් සටහන් කළා. මේ රට ඒකාධිපතිවාදයට විරුද්ධයි. පවුලක් රජකරන්න, ඒ වගේම ඇමෙරිකන් පුරවැසියෙක් ගේන්න සම්මත කරපු පනතක් විදියට අපි මේක දකිනවා. ස්වාමින් වහන්සේලා මේ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන කොට බෞද්ධ ආණ්ඩුව කළේ, මුස්ලිම් අය අරන් ස්වාමීන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වුණා. හකීම් මන්ත්‍රීතුමත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිතුමත් අපිත් එක්ක හිටියා. අනෙක් අය අනිත් පැත්තට ඡන්දය දුන්නා.

මම හිතන්නේ මේ රටේ සුළු ජාතීන් එපා කියලා සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටවපු අය ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සුළු ජාතීන් එකතු කරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගත්තා. අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ, 28 ලක්ෂයක් සමගි ජන බලවේගයට ඡන්දය දුන්න පාක්ෂිකයින්ට කරපු අවමානයක්. මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.“

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *