“මම ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම මගේ වරදක්ද?” මුත්තයියා මුරලිදරන්

“800” චිත්‍රපටයේ දෙමළ සිනමා නළු විජේ සේතුපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පිළිඹිබු කරන “800” චිත්‍රපටයේ දෙමළ සිනමා නළු විජේ සේතුපතිගේ රංගනයට එරෙහිව තමිල්නාඩුවේ සහ ලොව පුරා සමහර දෙමළ සංවිධානවල විරෝධය පල කරමින් සිටින මොහොතක තම අදහස මුත්තයියා මුරලිදරන් මෙලෙස ඉදිරිපත් කරයි.

“මගේ ජීවන වෘතාන්තය චිත්‍රපටයක් ලෙස ගැනීමට නිෂ්පාදන ආයතනයක් මා හමූවීමට පැමිණි විට මුලින් මම පසුබට වුනා. මුත්තයියා මුරලිදරන් ලෙස මා පිහිටවූ වාර්තා මට පමණක් අයත් නොවූ ඒවා බැවින්ද ඒවාට උරදුන් මාගේ දෙමාපියන්, මට මග පෙන්වූ මගේ ගුරුවරුන්, මාගේ පුහුණුකරුවන්, සහෝදර ක්‍රීඩකයින් ලෙස බොහෝ දෙනෙක්ගෙන් බිහිවූවෙක් නිසාම ඔවුන්ට පිළිගැනීමක් ලබාදිය යුතු නිසාම මම මෙම චිත්‍රපටයට එකඟවුනා”

ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන් වශයෙන් අපේ පවුලේ ජීවන ගමන ආරම්භ කළා. වසර තිහකට වැඩි කාලයක් පැවති යුද්ධයේ පළමු ගොදුරු වූයේ ඉන්දියානු සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවයි.

1970 දශකයේ සිට ශ්‍රී ලංකා භූමියේ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය, JVP අරගලයේ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව ඇති වූ බෝම්බ ප්‍රහාර මාලාව වශයෙන් මට මතක තියෙන කාලයේ සිට අපි දැඩි ලෙස බලපෑම්වලට ලක් වුනා.

මට වයස අවුරුදු හතේදී මගේ පියා කපා දැමුවා. මගේම බොහෝ දෙනෙක් බිලිවුනා. අපට අපගේ ජීවනෝපාය අහිමි වී පාරට වැටුනුවාර බොහෝමයි. ඒනිසා යුද්ධයේ ඵලවිපාක සහ එයින් ඇති වන වේදනාව කුමක්දැයි මම හොඳින් දන්නවා. ශ්‍රී ලංකාව වසර තිහකට වැඩි කාලයක් තිස්සේ යුද්ධයකට මුහුණ දුන්නා. අපේ ජීවිත ගමන සිදුවුණේ ඒ සියල්ල මැදයි. මෙවැනි පසුබිමක සිට මම ක්‍රිකට් කණ්ඩායමේ තැනක් හිමිකරගෙන වාර්තාවන් පිහිටවූයේ කොහොමද යන්න පිළිබඳ චිත්‍රපටය තමයි “800” කියන්නේ.

අද දක්වාම මම මගේ ජීවිතයේ බොහෝ බාධාවන් පසුකර පැමිණ තිබෙනවා. එය ක්‍රීඩාවක් වේවා, පෞද්ගලික ජීවිතයක් වේවා, මගේ ස්වයං චරිතාපදාන චිත්‍රපටය වන “800” වටා ඇති විවිධ මතභේද පිළිබඳව අදහස් දැක්වීමට කැමැත්තෙමි.

එය දැන් දේශපාලනීකරණය වී විවිධ හේතු නිසා විරෝධතා මතුවෙලා. මාගේ ඇතැම් අදහස් වැරදි ලෙස අර්ථකථනය කිරීම එයට හේතුවයි. උදාහරණයක් ලෙස, 2009 මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය යැයි මා 2019 දී කියූ දේ “මුත්තයියා මුරලිදරන් ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය, දෙමළ ජනයා සමූලඝාතනය කළ දිනය” ලෙස වෙනස් කොට අසත්‍ය ප්‍රචාරයන් ගෙන ගියා.

සාමාන්‍ය පුරවැසියෙක් ලෙස හිතල බලන්න, යුද්ධයක යෙදී සිටි රටක, ඕනැම මොහොතක මොකක් වෙයිද කියල දන්නෙ නෑ, මගේ පාසල් කාලයේ පාසැලේදී මා සමඟ ක්‍රීඩා කළ ශිෂ්‍යයා ඊළඟ දවසේ ජීවතුන් අතර නැතිව ඉන්න පුළුවන්. නිවසින් පිටව ගිය අය නැවත නිවසට පැමිණීම සැකයක් .එවැනි තත්වයන් යටතේ යුද්ධය අවසන් වීම, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මට ආරක්ෂාවක් දැනුණා පමණක් නොව, “2009 මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය” යන අදහස මා සතුව තිබුනේ, යුද්ධය අවසන් වීමෙන් පසු පසුගිය වසර 10 ක කාලය තුළ දෙපැත්තෙන්ම කිසිදු හානියක් මතුවට සිදු නොවේවී යන මතය උඩයි. මම අහිංසක මිනිසුන් සමූල ඝාතනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරමි. කිසිවිටක එයට සහාය නොදක්වන්නෙමි.

මම දෙමළ භාෂාව නොදන්නා බව තවත් වැරදි තොරතුරක් ඇත. මගේ පාසල් කාලයේ සිටම මම දෙමළින් තමයි ඉගෙන ගත්තේ.

“දෙමළ සිසුන් පසුගාමී හැඟීම් ඇත්තවුන්” යැයි මුරලි පවසන බව කියති. ස්වාභාවිකවම සිංහලයන් අතර සුළුතර ප්‍රජාවක් ලෙස ජීවත් වන සෑම කෙනෙකුටම පසුගාමී හැඟීම් තියෙන එක ස්වාභාවිකයි. එය මා තුළත් තිබුණා. මොකද මගේ දෙමව්පියන් පවා එවැනි සිතුවිල්ලක හිටි අය තමයි. එයද පසෙකලා මා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව නිසා පාසල් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළුවීමට මට හැකිවුනා. මම කණ්ඩායමට බැඳුණේ මගේ උත්සාහය නිසා. මගේ දක්ෂතාව නිසා මම නැතුවම බැරි එක්කෙනෙක් වුනා. “පසුගාමී හැඟීම් විසි කර ඔබේ හැකියාවන් විශ්වාස කර උත්සාහ කරන්න” යනුවෙන් මා කීවේ එනිසාමයි.

මට නම් සිංහල වේවා, කඳුකර දෙමළ වේවා හෝ ඊලාම් ද්‍රවිඩ වේවා, සෑම කෙනෙකුම එක හා සමාන ලෙස මම දකිමි. උඩරට දෙමළ ජාතිකයෙකු ලෙස මගේ උඩරට ජනතාව වෙනුවෙන් කළාට වඩා වැඩි යමක් මම ඊලම් ද්‍රවිඩයන් වෙනුවෙන් කර ඇත්තෙමි. සිදුකළ දේවල් කියාපාන්න මට කිසි විටෙකත් අවශ්‍ය නැත. නමුත් අද මට එය කීමට වෙලා.

මම 2002 දී එක්සත් ජාතීන්ගේ ආහාර තානාපති ධුරය දැරූ කාලයේ LTTE පාලිත ප්‍රදේශවල පාසල් ළමුන් වෙත මෙම ව්‍යාපෘතිය ගෙන ගිය දා සිට පශ්චාත් සුනාමි කාලයෙන් පීඩාවට පත් ඊලාම් ජනතාවට මා ලබා දුන් ආධාර පිළිබඳව එම ජනතාව දනී.

යුද්ධය අවසන් වී පසුගිය වසර 10 ක කාලය තුළ මගේ Foundation of Goodness ආයතනය මගින් ඊලාම් ජනතාවට කරන උපකාර බොහෝමයි. ඊලාම් දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශවල පදනම් ආයතනයේ ශාඛා හරහා ළමුන්ට අධ්‍යාපනය, කාන්තාවන්ගේ දියුණුව හා වෛද්‍ය උපකාර වැනි විවිධ ක්ෂේත්‍රවල ආධාර ලබා දී ඇත. ජනතාවගේ යහපත උදෙසා අපි උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වාර්ෂිකව මුරලි හාර්මනි කප් ක්‍රිකට් තරඟ පවත්වන්නෙමු. තවත් මේ වගේ දේවල් ඕනෑ තරම් තියෙනවා.

මා ශ්‍රී ලාංකික කණ්ඩායමේ තැනක් හිමිකරගෙන වාර්තා පිහිටවූ නිසා මා ගැන වැරදි වැටහීමක් තියෙනවා. මම ඉන්දියාවේ උපත ලැබුවා නම් මම ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වීමට උත්සාහ කරමි. මම ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම මගේ වරදක්ද?

මේ සියල්ල හැරුණු විට, නොදැනුවත්කම සහ දේශපාලන හේතූන් මත මාව දෙමළ විරෝධී ලෙස නිරූපණය කිරීම වේදනාකාරී ය. කොතරම් පැහැදිලි කිරීම් කළත් විරෝධතාකරුවන්ට කිසිවෙකුට ඒත්තු ගැන්විය නොහැකි වුවද මා ගැන වැරදි තොරතුරුම පමණක් හුවමාරු වන බැවින් මධ්‍යස්ථ මතධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට තමන් මෙම පැහැදිලි කිරීම ලබා දෙන බව මුත්තයියා මුරලිදරන් පවසා සිටියේය.

-BBC news

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *