මම නැත්තම් අද ගෝඨාභය වැලිකඩ, මහින්ද කාල්ටන්, බැසිල් ඇමෙරිකාවේ මහගෙදර -විජේදාස රාජපක්ෂ

පිළිකා කාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වෙලා. ආනයනික පොල්තෙල් ගන්න එපා - විජේදාස

පිළිකා කාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වෙලා. ආනයනික පොල්තෙල් ගන්න එපා - විජේදාස

මම වෛරී දේශපාලනය කළා නම් ගෝඨාභය අද ඉන්නේ වැලිකඩ මහ උළුගෙදර, මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසේ, බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ මහගෙදර බව පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා (16)දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මේ වනවිටද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලිඛිත පැහැදිලිකිරීම් දෙකක් කර තිබෙන මෙම මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය පැති කිහිපයකින් ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන තිබේ. තව වසර කිහිපයකින් ලංකාව චීන කොළණියක් කර ගැනීමට දූත පිරිසක් පැමිණි බවත්,ඊට විරුද්ධව ඇමෙරිකානු කොළණියක් කර ගැනීමට කණ්ඩායමක් ලඟදී පැමිණීමට නියමිත බවත් 20 වන සංශෝධනය යට තිබෙන්නේ ඇමෙරිකානු කුමන්ත්‍රණය බවත් ඔහු මෙහිදී පැවසීය.

ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ පොහොට්ටු පක්ෂයේ ගැටීම නිසා මහරගම හිටපු නගරාධිපතිනි ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වෛරී දේශපාලනයක යෙදී සිටින බව ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්දයෙන් අද දින මාධ්‍යවේදියකු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මම මෛත්‍රී නොකළා නම් අද ගෝඨාභය වැලිකඩ, මහින්ද කාල්ටන්, බැසිල් ඇමෙරිකාවේ මහගෙදර ඉන්නේ යනුවෙන් පැවසීය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා පැවසූවේ රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරාට ආණ්ඩුවේ බලවතුන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *